ඕස්ට්‍රේලියාවේ Coles සුපිරි වෙළඳ සල් ජාලය වෙළද සල් කළමනාකරුවන්ට ඩොලර් මිලියන 20ක් අඩුවෙන් වැටුප් ගෙවූ බවට හෙළි වේ (SBS සිංහල / වාර්තා)

s

Source: AAP

Coles සුපිරි වෙළද සල් සමාගම හෙළිදරව් කර ඇත්තේ ඔවුන්ගේ සුපිරි වෙළඳ සල් ජාලය හා මත්පැන් වෙළද සල් ජාලයේ කළමනාකරුවන් හට ඩොලර් මිලියන 20ක පමණ වැටුප් අඩුවෙන් ගෙවා ඇති බවයි. මෙය වසර 6ක් තිස්සේ සිදුව ඇත.

එම සමාගම ඔවුන්ගේ අර්ධ වාර්ෂික ඉපයීම් වන ඩොලර් මිලියන 725ක ආදායම්  ප්‍රකාශ කිරීමත් සමග මෙය හෙළිදරව්  කොට ඇත. ඔවුන්ගේ මෙම මුල්‍ය වර්ෂයේ ජනවාරි 5 වැනිදා දක්වා වූ ආදායම් වලින් මෙම අඩුවෙන් ගෙවූ ඩොලර් මිලියන 20 වෙන් කිරීමක් සිදු කොට ඇත.

Coles සමාගම පවසන්නේ වෙළද සල් කළමනාකරුවන් 5% ක් පමණ මෙසේ අඩුවෙන් ගෙවීම් වලට අයත් වී ඇති බවයි. නමුත් සමාගමේ 90%ක් පමණ සේවකයන් enterprise agreements මගින් බැදී සිටින බැවින් ඔවුන්ට එහි බලපෑමක් සිදු වී නැහැ. Coles සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Steve Cain ප්‍රකාශ කලේ මේ පිළිබද විමර්ශනය ස්වාධීනව සිදු කරන බවත් මෙසේ අඩුවෙන් වැටුප් ගෙවා ඇති පුද්ගලයින්ට එම හිඟ මුදල් ලබා දීමට කටයුතු කරන බවයි.

පසුගිය වසරේ Woolworth සමාගමද ඩොලර් මිලියන 300ක් අඩුවෙන් වෙළද සල් කළමනාකරුවන්ට ගෙවා ඇති බව හෙලි වුයේ කළමනාකරුවන් තම වැටුප සේවකයන්ටත් වඩා අඩු බව දැනගැනීමෙන් පසුවයි.

Coles සමාගම පවසන්නේ ඔවුන්ගේ දෙවැනි කාර්තුවේ වෙළඳාම්  3.6%කින් වැඩි වී ඇති බවයි. ඒ අනුව ඔවුන්ගේ අර්ධ වාර්ෂික වෙළඳාම්  2%කින් වැඩි වී තිබේ. මෙම සමාගමේ පසුගිය කාර්තු 49 ම වර්ධනයක් දක්නට ලැබුණි. ඔවුන් ජනවාරි 5 වැනිදා තෙක් ඩොලර් මිලියන 710-730 අතර ආදායම් වාර්තා කොට ඇත.

නමුත් ඔවුන්ගේ මත්පැන් අංශය තරමක් පීඩනයට ලක්ව ඇත. ලැව් ගිනි නිසාත් මත්පැන් අලෙවිය අඩු වී ඇති බවක් දක්නට ලැබෙන බවත් Cain මහතා ප්‍රකාශ කොට තිබේ.

එසේම ඔවුන්ගේ සිල්ලර වෙළදාම 0.4%කින් වර්ධනය වුවද ඔවුන්ගේ මව් සමාගම වන Wesfarmers ට අයත් Kmart, Target , Officework වෙතින් Coles සමාගම වෙන් වීමෙන් වෙනම ඒකකයක් ලෙස කටයුතු කිරීමට පටන් ගැනීමත් සමග ඔවුන්ගේ  දල ලාභය 33.7%කින් අඩු වීමක් වාර්තා වේ. එසේම සමාගමේ ආදායම් වැඩි වීම මෙම මුල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුවේ කැපී පෙනුනද මෙම මුල්‍ය වසරේ ඉදිරි  අර්ධය ප්ලාස්ටික් මලු ඉවත් කිරීම හා flybuys ප්‍රචාරණ නිසා වන වියදම් අඩු කිරීමක් බලාපොරොත්තු විය හැකි බවද සදහන්.

මෙම අර්ධ වාර්ෂික ගිණුම් හෙළිදරව්වත් සමග Coles සමාගම සිය කොටස් සදහා 30%ක ලාභාංශයක්  ලබා දේ 

Source: SBS News


Share

2 min read

Published

Updated

By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now