වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නැවත ඉහල යාම නිසා සුපිරි වෙළද සල් යලි හිස් වීම ඇරඹේ. මිලදී ගත හැකි භාණ්ඩ ප්‍රමාණ ය සීමා කෙරේ (SBS සිංහල / වාර්තා)

s

Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා ආසාධන වැඩි වීමත් සමග නැවතත් ජනයා සීමාවක් නොමැතිව භාණ්ඩ මිලදී ගැනීම වැලක්වීමට Coles හා Woolworths සුපිරි වෙළද සල් අද සවස සිට පිටි, කිරි වර්ග , hand sanitiser , toilet paper , සීනි , paper towel ආදී භාණ්ඩ එක වතාවකදී මිලදී ගැනීම් සීමා කොට ඇත.

එසේම Coles ආයතනය වික්ටෝරියා ප්‍රාන්ත සීමාව අසල නිව් සවුත් වේල්ස් හි පිහිටි වෙළද සල් වලද මේ සීමා පනවා තිබේ.

වික්ටෝරියා හි දින 8ක් පුරා කොරෝනා ආසාධිතයින් 10කට වඩා හමු වීම නිසා ජනතාව නැවත නීති පැනවීමේ බියකින් , මෙසේ සුපිරි වෙළද සල් වලින් භාණ්ඩ මිලදී ගැනීම සිදු කොට තිබේ. මේ වන විට ප්‍රාන්තයේ කොරෝනා මරමස්ථාන නම් කොට ඇති අතර දුරස්ථ භාවය පිළිබද යම් නීති පනවා තිබේ.

සමාජ මාධ්‍ය වල ජනතාව සදහන් කොට ඇත්තේ මෙල්බන් නුවර යම් ප්‍රදේශ වල toilet paper වැනි භාණ්ඩ වල හිගයක් ඇති බවයි.

s
Source: Twitter

Coles ආයතන ප්‍රධාන විධායක නිලධාරී Steven Cain පවසන්නේ මධ්‍යම රජය හා වික්ටෝරියානු රජය සමග සාකච්චා කිරීමෙන් පසුව මෙම සීමා පැනවීම සිදු කල බවයි. ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සාමාන්‍ය ලෙස භාණ්ඩ මිලදී ගන්නා ලෙසයි.

Woolworths ප්‍රධානී Claire Peters පවසන්නේ වික්ටෝරියානුවන් බිය විය යුතු නැති බවත් , වෙළද සල් විවෘතව තබන බවත්, ඉක්මනින්ම වෙළද සල් නැවත භාණ්ඩ වලින් පිරවීම සිදු කරන බවයි

එසේම woolworths ආයතනය ඔවුන්ගේ අන්තර්ජාල වෙළද සලටද මෙම සීමා පනවා තිබේ.

මෙම වෙළද ආයතන පවසන්නේ වික්ටෝරියා ප්‍රාන්ත ජනතාවගේ ඉල්ලුම් පිරික්සා බලා ඉදිරියේදී මෙම සීමා ඉවත් කෙරෙනු ඇති බව.

මාර්තු හා අප්‍රේල් මාස වල භාණ්ඩ මිලදී ගැනීමට මේ ආකාරයේ ඉල්ලුමක් තිබු අතර ඒ නිසා සුපිරි වෙළද සල් වලට 24%ක වැඩි ආදායමක් ලැබුණු බවද වාර්තා වේ. එම අවස්ථාවේ අග්‍රාමාත්‍ය Scott Morrison ජනතාවට ප්‍රකාශ කලේ එම ක්‍රියාව වහාම නවතන ලෙස. නමුත් ඉන්පසුව ඒ භාණ්ඩ සදහා වූ ඉල්ලුම කෙමෙන් අඩු වීමත් සමග මිලදී ගැනීමේ සීමාවන් ඉවත් කෙරින.

Source: SBS News


2 min read

Published

Updated

By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now