ඕස්ට්‍රේලියාවේ Coles හා Woolworth සුපිරි වෙළද සල් වලට වරකට ඇතුල් වන පාරිභෝගිකයන් ප්‍රමාණය සීමා කෙරේ (SBS සිංහල / වාර්තා )

s

Source: ABC Australia

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළද සල් වන Coles හා Woolworth වෙළද සල් වලට වරකට ඇතුල් විය හැකි පුද්ගලයන් ගණන සීමා කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව සමාජ දුරස්ථභාවය දැඩි ලෙස රැකීමට කටයුතු කෙරෙනු ඇති

Woolworth ගෙන ඇති පියවර

Woolworth සමාගම පවසන්නේ වෙළද සැලෙහි ප්‍රමාණය අනුව වරකට ඇතුල් විය හැකි පාරිභෝගිකයන් ගණන පාලනය කෙරෙනු ඇති බවයි.වෙළද සල් කළමනාකරුවන් විසින් සුදුසු ලෙස එම තීරණය ගනු ඇති බවත් මේ අවස්තාවේදී පාරිභෝකියන් ඉවසීමෙන් කටයුතු කරනු ඇති බව බලාපොරොත්තු වන බවද එම සමාගමේ අධ්‍යක්ෂ Claire Peters පවසා තිබේ.

එසේම මෙම තත්වය නිසා ඇති වන පෝලිම් පාලනය සදහා පොලිසියේ හා වෙළද මධ්‍යස්ථාන ආරක්ෂක සහය ලබා ගන්නා බවද වාර්තා වේ. වෙළද සලෙන් එක පුද්ගලයෙකු පිටත් වන විට තවත් පුද්ගලයෙකුට ඇතුල් වීමට හැකි වේ

Coles ගෙන ඇති පියවර

Coles  සමාගමද පවසන්නේ වෙළද  සැලෙහි ප්‍රමාණය අනුව වරකට ඇතුල් විය හැකි පාරිභෝගිකයන් ගණන පාලනය කෙරෙනු ඇති බවයි. ඒ නිසා පැමිණෙන පාරෝභෝගිකයන් පෝලිමකට සිටිය යුතු වන අතර එක අයෙකු පමණක් භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන ලෙස ද පවසා තිබේ.

සාමාන්‍යයෙන් පාස්කු සාමය මෙම වෙළද සල් වලට ඉතාම අධික ලෙස ජනයා පැමිණෙන කාලයක් වුවත් මෙවර වෙනස් තත්වයක් බලාපොරොත්තු වුවද , ඕස්ට්‍රේලියානුවන් තවමත් පාස්කුව සැමරීම පිළිබද භාණ්ඩ මිලදී ගැනීම් මේ සතියේ බ්‍රහස්පතින්දා වන තුරු බලා නොසිට කල් තබා කරන ලෙස මෙම සමාගම් ඉල්ලයි

නිවෙස් වලට භාණ්ඩ ගෙන ඒමේ සේවා

Woolworth සමාහම පවසන්නේ නිවෙස් වලට භාණ්ඩ යැවීම මදක් නතර කර තිබුනද, පාස්කු නිවාඩුවෙන් පසුව එය නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.  එය ප්‍රදේශයෙන් , ප්‍රදේශයට සිදු කරන බවත් Priority Assistance Partner Pick Up යනුවෙන් හැඳින්වෙන අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇනවුම් කර වෙනත් අයෙකු එය ගෙනවිත් දෙන ක්‍රමයක්ද ආරම්භ කරනු ඇති 

Source: ABC News

 


Share

Published

Updated

By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඕස්ට්‍රේලියාවේ Coles හා Woolworth සුපිරි වෙළද සල් වලට වරකට ඇතුල් වන පාරිභෝගිකයන් ප්‍රමාණය සීමා කෙරේ (SBS සිංහල / වාර්තා ) | SBS Sinhala