SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ කොවිඩ් මෘතදේහ ආදාහනය කළ යුතු බවට විශේෂඥ කමිටුව නිර්දේශ කරයි

Coronavirus
Source: Pixabay

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

කොවිඩ් රෝගයෙන් මිය යන අයගේ මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධ තීන්දුවේ කිසිදු වෙනසක් නැතැයි සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (07/01) ප්‍රකාශ කළාය.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් මේ මෘත දේහ ආදාහනය කළ යුතු බවට මේ වන විට පැහැදිලි නිර්දේශයක් ලබාදී තිබෙන බවත් ඇය පැවසුවාය.

කොවිඩ් වැනි භයානක වසංගත තත්ත්වයක් යටතේ එවැනි විශේෂඥ කමිටුවක් විසින් ලබාදී ඇති නිර්දේශ සාමාජයීය, ආගමික, දේශපාලන හෝ වෙනත් පෞද්ගලික හේතුවක් නිසාවෙන් වෙනස් කළ නොහැකි බවද ඇමැතිවරිය සඳහන් කළාය.

සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මීට ඉහත දිනයකදී මතු කරන ලද ප්‍රශ්නයක් වෙනුවෙන් අමාත්‍යාංශ ප්‍රකාශයක් යටතේ පිළිතුරු දෙමිනි.

මේ අතර ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 03ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

ඒ අනුව,  ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 222 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 525 ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now