SKIP TO MAIN CONTENT

සිඩ්නි දුම්රිය මගීන් අද දිනයේත් අමාරුවේ.

Sydney commuters (file) are again being warned of "major delays" on the city's rail network.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

සිඩ්නි නුවර දුම්රිය ප්‍රමාද වීම් හේතුවෙන් සිඩ්නි දුම්රිය මගීන් අද (10/01) දිනයේද මහත් අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ.

සිඩ්නි දුම්රිය රියදුරන් අසනීප වීම සහ අකුණුසැර වැදීමෙන් දුම්රිය විදුලිය පද්ධතියට හානි සිදු වීම නිසා ඊයේ (09/01) දිනයේදී සිඩ්නි නුවර දුම්රිය බොහොමයක් අවලංගු කෙරුණු අතර අනෙක් දුම්රිය ප්‍රමාද වන්නට විය.

මෙනිසා දුම්රිය මගීන් හට දුම්රිය ස්ථාන වල බොහෝ වේලා බලා සිටීමට සිදුවී තිබේ.

කෙසේනමුත්, අද දිනයේ තත්ත්වය යථා අතට පත්වනු බවට පැවසුවද අද උදෑසන ද දුම්රිය ප්‍රමාදවීම් වාර්තා විය.

බොහෝ මගීන් තමන්ගේ දුෂ්කරතාව පිළිබඳ සමාජ ජාලා ඔස්සේ විවේචන එල්ල කරමින් පවතින බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now