SKIP TO MAIN CONTENT

පාස්කු ප්‍රහාරය ගැන යුක්තිය ඉටු නොවුණහොත් ජාත්‍යන්තර අධිකරණයකට යනවා: කාදිනල් මැල්කම් රංජිත්

Cardinal Malcolm Ranjith
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුණහොත් තමා ජාත්‍යන්තර අධිකරණයකට යාමට සූදානම් බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඊයේ පැවසූහ.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලූ නමුත් මේ වෙනතෙක් එය නොලැබුණු බව ද අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

දැනටමත් ශ්‍රී ලංකාවේ යම් ප්‍රශ්නවලට ජාත්‍යන්තර මැදිහත්වීම් සිදුවන බැවින්, රටේ නායකයින් මෙය එවැනි තත්ත්වක් කරා රැගෙන නොයනු ඇතැයි, තමන් විශ්වාස කරන බව ද උන්වහන්සේ සඳහන් කළහ.

අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව නිසි අපරාධ විමර්ශනක් සිදු කර තිබේද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් තමාට ඇති බව සඳහන් කළ උන්වහන්සේ, එහි එක් කරුණක් සම්බන්ධයෙන්  මේවනවිටත් විකල්ප මාර්ගයකට එළඹ සිටින බව ද  සඳහන් කළහ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now