මෙම පර්යේෂණයට අනුව ඔස්ට්‍රේලියනුවන්ගෙන් සියයට 63ක් පමණ දෙනා සිය නිවසින් බැහැරව සිටින විට බාහිර පෘෂ්ඨයන් ස්පර්ශ කිරීමෙන් වැලකී සිටීමට වගබලාගන්නා බවට හඳුනාගෙන තිබේ. එමෙන්ම කොරෝනා වසංගතය ආරම්භයේ සිටම ඕස්ට්‍රේලියානුවන් සෑම සිව් දෙනෙකුගෙන් එක් අයකුම විෂබීජ පිළිබඳව දැඩි අවධානයකින් පසුවී තිබේ.
Fantastic Services Group හි ප්‍රධාන විධායක නිලධාරි Rune Sovndahl පෙන්වා දෙන්නේ කොරෝනා කාලය අතරතුර,ඕස්ට්‍රේලියානුවන් තුල "පිරිසිදු කිරීම්" පිලිබඳව පැවති ආකල්ප වෙනස්ව ඇති බවයි.
Highlights
- බොහෝ ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ සේවා ස්ථානයේ සනීපාරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වේ.
- COVIDSafe සැලැස්මේ සරල මූලධර්ම අනුගමනය කිරීම ඔස්සේ රැකියා ස්ථාන සඳහා නැවතත් යාමට පවතින ආතතිය පාලනය කිරීමට හැකි වේ.
- කොරෝනා වෛරසයේ ප්‍රජා සම්ප්‍රේෂණයක් නොමැති නම් සාමාන්‍ය පිරිසිදු කිරීමේ ප්‍රොටෝකෝලය අනුගමනය කරන ලෙස NSW Safe Work සඳහන් කොට සිටී.
සිය සේවා ස්ථානයේ සිටින සෙසු සගයන් සමග සිය රාජකාරි කටයුතු බෙදා ගැනීමේදී කොරෝනා අසාදනය වීම සම්බන්ධයෙන් Lana Bogunovich ආතතියකින් පසු වන අතර ඇය සඳහන් කරන්නේ රාජකාරි කටයුතු අතරතුර සේවා ස්ථානයේ පෘෂ්ඨයන් ස්පර්ශ කිරීම පිළිබඳව සහ තම සගයින් කෙතරම් දුරකින් සිටිනවාද යන්න පිළිබඳව තමන් දැඩි අවධානයකින් සිටි බවයි.
එමෙන්ම කොරෝනා වසංගත තත්වය යටතේ "ආරක්‍ෂිත සේවා ස්ථාන පරිසරයක්" සම්බන්ධයෙන් වන සැලකිලිමත් බව පිළිබඳව නැවතත් සිතා බැලීමට සිදු වූ අතර පැවති දැඩි කොරෝනා සීමා යටතේ රැස්වීම් සඳහා සීමිත පිරිසක් පමණක් යෙදවීමට සිදු වූ බවද Bogunovich පවසයි.

ඇය වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ පුද්ගලයින් සමග දුරස්ථ බවකින් යුතුව සිටීම, දෑත් සෑම විටම sanitize කිරීම, මේස මතුපිට පෘෂ්ඨයන් disinfectant wipes මගින් පිසදැමීම වැනි දෑ පිළිබඳව තමන් දැනුවත් බවයි.
එමන්ම සේවා ස්ථානයට ඇතුලු වීමේදී ශරීර උෂ්ණත්වය පිරික්සීම මගින්ද තමන්ට යම් ආරක්ෂාවක් දැනෙන බව Lana Bogunovich පවසයි.
NSW SafeWork සෞඛ්‍ය හා සුරක්ෂිත නිර්මාණ අධ්‍යක්ෂ Jim Kelly සඳහන් කරන්නේ,COVIDSafe සැලැස්මේ සරල මූලධර්ම අනුගමනය කිරීම ඔස්සේ රැකියා ස්ථාන සඳහා නැවතත් යාමට පවතින ආතතිය පාලනය කිරීමට හැකි බවයි.
COVIDSafe Plan
- දෑත් සබන්ධයෙන් සනීපාරක්ෂාව පුහුණු කිරීම
- ශරීර දුරස්ථභාවය පුහුණු කිරීම
- අවශ්‍ය විට මුහුණු ආවරණයක් පැළඳීම
- ආවරණය කල ප්‍රදේශයන්හි කටයුතු කිරීම වළක්වා ගැනීම
- කාර්යමණ්ඩල ජෛව ආරක්ෂණ බුබුලු නිර්මාණය කිරීම
- සුළු හෝ රෝග ලක්ෂණ ඇති වුවහොත් පරීක්ෂා සිදු කොට නිවසේ රැඳී සිටීම සඳහා සේවකයින්ට සහාය ලබාදීම
Rune Sovndahl සේවා සපයන්නන් වෙත සඳහන් කොට සිටින්නේ handles, taps සහ light switches වැනි සේවකයින් වැඩි පිරිසක් භාවිත කරන පෘෂ්ඨයන් පිළිබඳව අවධානයක් යොමු කරන ලෙසයි.
මෙවැනි තත්වයකදී වාණිජ්‍ය මුළුතැන්ගෙවල් තුල ඇති පරිදි, ඉවත් කල හැකි “foot-handles” භාවිත කිරීම සඳහා ආයෝජන සිදුකිරීම යහපත් වන බවද ඔහු සඳහන් කොට සිටී.
එමන්ම තවදුරටත් Rune Sovndahl සඳහන් කරන්නේ hand sanitisers, antibacterial wipes සහ සේවා ස්ථානය තුල සමාජ දුරස්ථ බව ආරක්ෂා කරීමට අමතරව බොහෝ සේවා යෝජකයින් fogging ලෙස හැඳින්වෙන ප්‍රති-වෛරස සනීපාරක්ෂක වැඩපිළිවෙල සඳහා ආයෝජනය කොට ඇති බවයි.

නමුත් COVID-19 වෙත ඕස්ට්‍රේලියාව තුල ඵලදායි ප්‍රතිචාර සිදුකිරීම සඳහා වන SafeWork Australia හි අධ්‍යක්ෂ Jim Kelly සඳහන් කරන්නේ fogging ලෙස හැඳින්වෙන ප්‍රති-වෛරස සනීපාරක්ෂක වැඩපිළිවෙලක් සේවා ස්ථාන සඳහා අවශ්‍ය වන්නේ දැඩි කොරෝනා වෛරස සම්ප්‍රේෂණයකදී පමණක් වන බවයි.
කෙසේ නමුත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසය තම සේවා ස්ථානයේ නොපවතින බවට උපකල්පනය කිරීම මත, අදාළ පරිසිදු කිරීම් ප්‍රොටෝකෝල වෙනස් කිරීමටද කිසිදු හේතුවක් නොමැති බවයි.

ඔබේ සේවා ස්ථානයේ කොරෝනා වෛරස අවදානම අවම කිරීම පිළිබඳව වැඩිදුර උපදෙස් සඳහා SafeWork Australia වෙබ් අඩවියට පිවිසෙන්න.

