රාජපක්ෂ ලාට දඬුවම් දෙන්න විශේෂ අධිකරණයක් පිහිටුවීම ව්‍යවස්ථා විරෝධීයි : අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ.

Constitution does not allow special court : Wijeyadasa Rajapakshe

Source: Daily News

ශ්‍රී ලංකාවේ පසුගිය රජය සමයේ සිදුවූ වංචා දූෂණ සොයා දඬුවම් පැමිණවීම ඉක්මන් කිරීමට වත්මන් රජයේ බොහෝ මන්ත්‍රීවරුන් යෝජනා කරන ලද “විශේෂ අධිකරණයක් පිහිටුවීම” කළ නොහැක්කක් බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මෙලෙස ශ්‍රී ලංකාව තුළ විශේෂ අධිකරණයක් පිහිටුවීම ව්‍යවස්ථානුකූලව සිදු කළ නොහැකි බවත් එසේ කිරීමටනම් ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවත් ඔහු පවසයි.

වත්මන් රජය විසින් තමන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සැරසෙන සමයේ රාජපක්ෂ අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය වඩාත් අවධානයට ලක්ව ඇත.

පසුගිය රජය සමයේ සිදුවූ වංචා දූෂණ  පිළිබඳ සෙවීම අසාමාන්‍ය ලෙස මන්දගාමී බවත් ඒවා හිතා මතා ප්‍රමාද කරන බවත් පවසමින් ඊයේ (15/08) කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරුන් චෝදනා නගන්නට විය.

රාජිත සේනාරත්න සහ සරත් ෆොන්සේකා යන මහත්වරු කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් විශාල හඬක් නැගූ බවද වාර්තා වේ.

මෙම පරීක්ෂණ ඉතා ඉක්මනින් අවසන් කර ඔවුන් හට දඬුවම් දිය යුතු බවට ඔවුන් පවසා තිබේ.

අභිනවයෙන් පත්වූ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාද විජයදාස රාජපක්ෂ මහතාගේ මතයට එකඟ වී ඇති බවද වාර්තා වේ.


1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now