SKIP TO MAIN CONTENT

කෝට්ටේ සංඝ සභාවත් නව ව්‍යවස්ථාවට විරුද්ධ වෙයි.

Kotte Chapter
Source: Daily Mirror

1 min read

Published

Updated



Skip to article content

නව ව්‍යවස්ථාවක් සකසනවාට වඩා රටේ වෙනත් ප්‍රශ්න තිබෙන බවත් මේ අවස්ථාවේදී නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නොමැති බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී සංඝ සභාව තීන්දු කළ බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ කෝට්ටේ පාර්ශ්වයේ අනු නායක බෙල්ලන්විල විමලරතන හිමියෝ පැවසූහ.

කෝට්ටේ රජමහා විහාරයේ දී ඊයේ (22/10) එම සංඝ සභාවේ කාරක සභාව රැස්වී සාකච්ඡා කිරීමෙන් පසු ඒ හිමියෝ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පැවසූහ.

‘‘කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි සංඝ සභාව රැස්වී ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කළා. මෙහි ඇති සමහර දේවල් ගැන අපි පොදුවේ ප්‍රකාශයක් කරනවා. අපේ සංඝ සභාව ඒකමතිකව තමයි දැනට ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා කෙටුම්පත ඉවත් කළ යුතුයි කියන්නේ." යනුවෙන් විමලරත්න හිමියන් එහිදී පැවසීය.

"මහා නායක හිමියනුත් අපේ ඒකමතික තීරණයට අනුමැතිය දෙනවා. මේක සංඝ සභාවේ තීරණයක්. අපිට දේශපාලනයක් නෑ. රට පිළිබඳ ප්‍රශ්නයක් ආවාම අපේ මතය මීට පෙරත් ප්‍රකාශ කර තිබෙනවා. මේක කෙටුම්පතක්වත් පනතක්වත් නොවන බව දන්නවා. නමුත් කෙටුම්පතක් හදන්න යෝජනා මාලාවක් මේ තියෙන්නේ. හදන්න ඉස්සරවෙලා අපේ අදහස් පළ කළේ ඒවා ප්‍රයෝජනයට ගන්න. මේ වෙලාවේ ව්‍යවස්ථාවක් අලුතින් හදන්න යන එක කාලෝචිත නෑ." යනුවෙන්ද උන්වහන්සේ  වැඩි දුරටත් අදහස් දැක්වීය.

Daily Mirror ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now