SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව තුළ ඇති බිත්තර වර්ග 19ක් වර්ජනය කරන ලෙස පාරිභෝගික ජනතාවට ඉල්ලීමක්. (SBS සිංහල/වාර්තා)

“Choice” සංවිධානය විසින් ඔස්ට්‍රේලියාව තුළ ඇති බිත්තර වර්ග 19ක් වර්ජනය කරන ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලයි. එම වර්ග අතර Aldi, Coles සහ Woolworths යන වෙළෙඳ නාම යටතේ පවතින බිත්තර වර්ගද තිබෙන බව සඳහන්.

flikr
Source: Flickr

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ free-range බිත්තර සඳහා ජාතික තොරතුරු ප්‍රමිතියක් (national information standard) පසුගිය බ්‍රහස්පතින්දා (22/12) ප්‍රාන්ත හා මධ්‍යම රජයේ පාරිභෝගික කටයතු පිළිබඳ අමාත්‍යවරුන් හඳුන්වා දුන්නේය.

ඒ අනුව හෙක්ටයාරයකට කිකිළියන් 10,000 කට වඩා ඇති නොකරන ගොවිපළ වල බිත්තර සඳහා free-range ලේබලය භාවිත කළ හැකිවේ.

නමුත් මෙම ලේබල් කිරීම විකාරසහගත එකක් බව ඔස්ට්‍රේලියාවේ ප්‍රබල පාරිභෝගික කටයුතු පිළිබඳ සංවිධානයක් වන “Choice” සංවිධානය පවසයි. මෙවැනි ලේබල් කිරීමක් සිදු නොකර අමාත්‍යවරුන් CSIRO මාර්ගෝපදේශන පිළිපැදීමට පෙළඹුනේ නම් වඩාත් හොඳ බව එම සංවිධානය පවසයි. එයට අනුව හෙක්ටයාරයකට කිකිළියන් 1500 කට වඩා ඇති නොකරන ගොවීන් හට මෙම ලේබලය සපයා තිබේ.

නව මාර්ගෝපදේශන වලට අනුව කිකිළියන් හට නිරතුරුවම බාහිර පරිසරයත් සමග මුහු වීමට ඉඩ සැලසිය යුතු බවට නිර්දේශ කර තිබේ.

ඒ අනුව “Choice” සංවිධානය විසින් ඔස්ට්‍රේලියාව තුළ ඇති බිත්තර වර්ග 19ක් වර්ජනය කරන ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලයි. එම වර්ග අතර Aldi, Coles සහ Woolworths යන වෙළෙඳ නාම යටතේ පවතින බිත්තර වර්ගද තිබෙන බව සඳහන්.

පාරිභෝගික අමාත්‍යවරු free-range බිත්තර ලේබල් කිරීමේදී නොමග යවන හැඳින්වීමක් සිදු කළ නිසා මෙසේ බිත්තර වර්ග 19ක් වර්ජනය කිරීමට ඉල්ලීමක් සිදු කළ බව “Choice” සංවිධානයේ Godfrey පැවසීය.

බාහිර පරිසරයත් සමග මුහු නොවන කිකිළියන් ගෙන් නියම තත්ත්වයේ බිත්තර ගත නොහැකි බවද ඔහු පවසයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව නිපැයුම් සහ යහපත් නියාමනය පිළිබඳ අමාත්‍ය Victor Dominello මෙම ගිවිසුම පිළිගෙන තිබේ.

ඔස්ට්‍රේලියාව තුළ දිනකට බිත්තර මිලියන 13ක් පමණ භාවිතයට ගන්නා බවත් මෙම නව ගිවිසුම මගින් ප්‍රමුඛවම භාවිත කරන free-range බිත්තර සඳහා නව ප්‍රමිතියක් ගෙන ඒමට හැකි වන බවත් ඔහු පවසයි.

“Choice” සංවිධානය විසින් වර්ජනය කරන ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටින බිත්තර වර්ග 19 පහත පරිදි වේ.

  • Aldi Lodge Farm
  • Coles Free Range Eggs
  • Country Fresh
  • Eco Eggs
  • Farm Pride
  • Field Fresh
  • Foodland
  • Western Australia Golden Eggs
  • Manning Valley
  • Meggles Farm
  • Misty Mountain
  • Pace Farm
  • Pace Omega 3
  • South Gippsland
  • Woolworths Select
  • Pioneer
  • Otway
  • Essential Foods
  • MMM

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now