එතෙර සිටින ලාංකිකයිනට ‘ශ්‍රී ලංකාව අමතන්න’ යන මැයෙන් නවතම online Portal එකක්

Ministry of Foreign Ministry _Sri Lanka

Ministry of Foreign Ministry _Sri Lanka

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහයෝගය ඇතිව, එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා ‘ශ්‍රී ලංකාව අමතන්න’ යන මැයෙන් online Portal එකක් හඳුන්වා දෙනු ලබා ඇත.

එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ අන්තර්ජාල පොර්ටලය මාර්තු 26 වන දින විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී දියත් කරන ලදී.

මෙම වෙබ් සම්බන්ධතාව, විදේශ සබඳතා අමාත්‍යාංශයේ www.mfa.gov.lk යන වෙබ් අඩවිය මඟින් ප්‍රවිෂ්ඨ වීම සඳහා ඉඩ සලසා දී ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk හරහා ද මෙම වෙබ් අඩවියට පිවිසිය හැකිය.

COVID19 පැතිර යාම වැනි හදිසි අවස්ථාවන්හි දී ශ්‍රී ලංකා රජයට ඔවුන් වෙත ළඟා වීමට සහ ආධාර සැපයීමට ඉඩ සලසන මෙම අන්තර්ජාල පොර්ටලයේ ස්වේච්ඡාවෙන් ලියාපදිංචි වන ලෙස විදේශයන්හි වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කෙරේ. ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අමාත්‍යාංශයට අවශ්‍ය කාලීන දත්ත ලබා ගැනීමට මෙම වේදිකාව ඉඩ සලසයි.

මෙම විවෘත වේදිකාව මඟින් එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ට රජයේ පාර්ශ්වකරුවන් සමඟ අන්තර් ක්‍රියා කිරීමට පහසුකම් සැලසෙන අතර, විදේශ සබඳතා අමාත්‍යාංශයේ එක් කේන්ද්‍රීය ස්ථානයක් හරහා රජයේ සේවාවන්ට වැඩි ප්‍රවේශයක් ලබා දෙනු ඇත. මෙම ද්වාරය මඟින්, එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් විදේශවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල ජාලය සමඟ ද සම්බන්ධ කරනු ඇත.

එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ විමසීම්වලට ප්‍රතිචාර දැක්වීමට මෙන්ම, හදිසි අවස්ථාවල දී අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කිරීම සඳහා උපකාරක කවුළුවක් ලෙස කටයුතු කිරීම සඳහා ඇපකැපවූ නිලධාරීන් කණ්ඩායමක් දැනටමත් විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් පත් කර තිබේ.

මෙම පොර්ටලයේ තමන් වෙසෙන රට අනුව ලියාපදිංචි වීම තුළින්, විදේශයන් හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීමට සිදුවන අවස්ථා වැනි තීරණාත්මක අවස්ථාවන්හි දී ලැබෙන හදිසි ආධාර ඉල්ලීම් ගණන මත පදනම්ව, ප්‍රතිපත්තිමය තීරණ යෝජනා කිරීම සඳහා මෙමගින් විදේශ මෙම අමාත්‍යාංශයට ඉඩ සැලසෙනු ඇත.

මෙම පහසුකම් සැලසීම පහසු කිරීම සඳහා, නිතර අසනු ලබන ප්‍රශ්න (FAQs) ලැයිස්තුවක් ද මෙම පොර්ටලයට ඇතුළත් වන අතර, එය ජනතාවගේ පොදු විමසීම් සඳහා මාර්ගෝපදේශයක් වනු ඇත.

එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ පෞද්ගලිකත්වය සහතික කිරීම සඳහා, මෙම ද්වාරය හරහා ලබා දෙනු ලබන දත්ත සුරක්ෂිත කර ඇති අතර, පරිශීලකයින්ගේ අවසරයකින් තොරව ඒවා වෙනත් පාර්ශවයන් වෙත ලබා නොදෙනු ඇත.

‘ශ්‍රී ලංකාව අමතන්න’ අන්තර්ජාල පෝටලය හරහා එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා දැනට පවත්නා සේවා සැපයීම ඉහළ තලයකට ඔසවා තබනු ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය අපේක්ෂා කරයි. විදේශයන්හි වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින්ට, මෙම පහසුකමින් ප්‍රතිලාභ ලබා ගන්නා ලෙසට විදේශ සබඳතා අමාත්‍යාංශය ආරාධනා කර සිටී.

 

ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍යාංශය මගින් යොමුකළ නිවේදනයක් ඇසුරිනි.


Share

Published


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service