දිනෙන් දින ඉහළ යන දෛනික වියදම් හේතුවෙන් ඔබගේ Superannuation ගිණුමට වැඩිපුර මුදල් බැර කරන්න.

Australia's superannuation

Source: SBS

දිනෙන් දින ඉහළ යන දෛනික වියදම් හේතුවෙන් විශ්‍රාම යාමේදී අවශ්‍ය මුදල් ප්‍රමාණය ඉහළ යමින් පවතින බව ඔස්ට්‍රේලියාවේ superannuation ක්ෂේත්‍රයට සම්බන්ධිත ප්‍රධාන සංවිධානය වන The Association of Superannuation Funds of Australia පෙන්වා දෙයි.

ඒ අනුව තමන්ගේ Superannuation ගිණුමට වැඩිපුර මුදල් බැර කරන මෙන් එම සංවිධානය සියලු ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක් කරයි.

2006 වසරට අනුව ඔස්ට්‍රේලියානුවෙකු විශ්‍රාම ගිය කළ සුව පහසු දිවියක් ගත කිරීමට වසරකට ඩොලර් 35,000 ක මුදලක් ප්‍රමාණවත් වූ බව එම සංවිධානය පෙන්වා දෙයි.

නමුත් වර්තමානය වන විට බිල්පත් ගෙවීම්, ආහාර සහ සෞඛ්‍යය වියදම ඉහළ යාම හේතුවෙන් එම අගය ඩොලර් 58,000 දක්වා ඉහළ ගොස් ඇති බවද ඔවුන් අනාවරණය කරයි.


Share

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now