SKIP TO MAIN CONTENT

වික්ටෝරියානු ප්‍රාන්තය තුළ අනායාස මරණය නීතිගත කිරීමට අදාළ පනත් කෙටුම්පතට පහළ මන්ත්‍රණ සභාවේ අනුමැතිය.

Euthanasia
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

වික්ටෝරියානු ප්‍රාන්තය තුළ මේ දිනවල විවාදයට ගැනෙන Euthanasia හෙවත් අනායාස මරණය නීතිගත කිරීම සඳහා වූ ආන්දෝලන්ත්මක යෝජිත පනත් කෙටුම්පත ඊයේ (18/10) පහළ මන්ත්‍රණ සභාවේදී වැඩි ඡන්ද 8 කින් සම්මත විය.

ඒ අනුව අද දිනයේ දී ඒ සඳහා සෙනට් සභාවේ ඡන්ද විමසීම බොහෝ දුරට සිදු කෙරෙනු ඇතැයි වාර්තා වේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ සුව නොවන රෝග වැළදුණු, මාස 12 කට අඩු කාලයක් ජීවත්වීමට ඉඩ ඇති පුද්ගලයන්ට ස්වේච්චාවෙන් මරණය සදහා සහය දීම අනුමත කිරීම මෙම පනතෙන් බලාත්මක කෙරේ.

කෙසේවෙතත්, වික්ටෝරියානු ප්‍රාන්තයේ නියෝජ්‍ය අගමැති James Merlino විසින් මෙයට විරුද්ධව සංශෝධිත පනතක් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය  47-39 ක් ලෙස වැඩි ඡන්ද 8 කින් පරාජයට පත් විය.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now