SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ සුබ සාධන ප්‍රතිසංස්කරණ පනතෙහි ගැටළු රැසක්.

Welfare Reform Bill
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

Welfare Reform Bill හෙවත් වත්මන් ඔස්ට්‍රේලියානු රජයේ සුබ සාධන ප්‍රතිසංස්කරණ පනත මේ සතියේදී පාර්ලිමේන්තුවේ අනුමත වුවහොත්, සුබ සාධන දීමනා ලබාගැනීමට පැමිණෙන වාසය කිරීමට නිවහනක් නොමැති අයගේ ප්‍රමාණයේ වැඩි වීමක් දක්නට ලැබෙනු ඇති බව සුබ සාධන සංවිධාන පෙන්වා දී තිබේ.

තවද වාසය කිරීමට නිවහනක් නොමැතිව සුබ සාධන දීමනා ලබන අයට  ඒ සදහා බලා  සිටීමට සිදු වන කාලයද මෙම නව යෝජනා යටතේ වැඩි විය හැකි බව එම සංවිධාන පෙන්වා දෙයි.

මෙම නව යෝජිත පනතේ ඇති කරුණු සංශෝධනය කිරීම සදහා ස්වාධින සෙනට් සභික Nick Xenophon  ඇතුළු කණ්ඩායම රජය සමග සාකච්චා පවත්වන බව ද වැඩි දුරටත් වාර්තා වෙයි.

තවද සහන සැපයීමට අවශ්‍ය පහසුකම් නොමැති කම නිසා දැනට ද  ජිවත් වීමට නිවහනක් නොමැති පුද්ගලයින් දිනපතා 292 ක පමණ පිරිසක් අදාල සහන සේවා මගින් ආපසු හරවා යවන බව ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සදහන් කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now