SKIP TO MAIN CONTENT

හිටපු කොටි සාමාජිකයින් වෙනුවෙන් එක්සත් රාජධානියේ ඉදිකිරීමට තැත් කරන ස්මාරකය සම්බන්ධව දෙමල ඩයස්පෝරාව දෙකඩ වෙයි.

ontroversial moves to build a monument in memory of dead LTTE cadres
Source: www.rightmove.co.uk

2 min read

Published

By Madhura Seneviratne

Source: The Island



Skip to article content

එක්සත් රාජධානියේදී කොටි සංවිධානයේ මිය ගිය කොටි සාමජිකයින් සිහි කිරීම පිණිස ඉදිකිරීමට තැත් කළ ස්මාරකය සඳහා එහි දෙමළ ජනතාව අතර මත ගැටුම් හටගෙන ඇති බව වාර්තා වේ.

World Tamil Historical Society නමැති සංගමය විසින් බ්‍රිතාන්‍ය පවුම් මිලියන 1.4ක් වැය කර Oxfordshire ප්‍රදේශයෙන් ඉඩම් අක්කර 24ක් අත්පත් කරගෙන තිබේ.

කෙසේවෙතත් මෙම ක්‍රියාවට එහි සිටින ඇතැම් දෙමළ වැසියන් තම විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙන බවද සඳහන්. මෙවැනි ස්මාරක ඉදි නොකර යුද්ධයෙන් පීඩා විඳි ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට උදව් උපකාර කළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

මීට අමතරව පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයින් විදෙස්ගත දෙමළ ඩයස්පෝරාවට ප්‍රබල චෝදන්වක්ද එල්ල කරන බව ලන්ඩන් නුවර සිටින දමිළ ජනතාවගෙන් වාර්තා වෙයි. විදෙස්ගත දෙමළ ඩයස්පෝරාව තම නම විකුණා තවමත් මුදල් රැස් කරන නමුත් තමන්ට නැවතත් සාමන්‍ය ජීවිතයක් ගත කිරීමට එම මුදල් වලින් කිසිදු ප්‍රමාණයක් ලබා නොදෙන බවට පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයින් චෝදනා කරයි.

Oxfordshire හි මිලදී ගත මෙම ඉඩම British Green Belt හෙවත් බ්‍රිතාන්‍ය හරිත පටියේ පිහිටා ඇති අතර අදාළ නගර සභාවේ අනුමැතියකින් තොරව එම කලාපයේ කිසිදු ඉදිකිරීමක් සිදු කළ නොහැකි බවද වාර්තා වේ. මෙවැනි තත්ත්වයක් යටතේ හිටපු කොටි සාමජිකයින් වෙනුවෙන් ඉදිකිරීමට යන ස්මාරකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට අදාළ ආයතන අනුමැතියක් නිකුත් කරාවිද යන්න ගැටළුවක් බවට පත්වී ඇතැයිද පැවසේ.

මේ අතර දෙමළ සමාජය නොමග යවනවා යනුවෙන් LTTE සංවිධානයේ න්‍යායාචාර ඇන්ටන් බාලසිංහම් ගේ බිරිඳ වන ඇඩෙල්ද World Tamil Historical Society සංගමයට චෝදනා කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now