SKIP TO MAIN CONTENT

අධික උෂ්ණත්වය පහව යාමත් සමග ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි අවදානම තරමක් පහළ යයි

Cooler conditions have arrived in bushfire affected states
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

අධික උෂ්ණත්වය පහව ගොස් සෞම්‍ය කාලගුණයක් පැමිණීමත් සමග ලැව් ගිනි ඇතිවී ඇති ප්‍රාන්ත වල ලැව් ගිනි අවදානම යම් සහනදායී තත්ත්වයකට රැගෙන විත් තිබේ.

නමුත් ලැව් ගිනි අවදානම් ඇති ප්‍රදේශ වල ජනතාවට නිරතුරුවම ලැව් ගිනි හා ඒ ආශ්‍රිත නිල නිවේදන පිළිබඳ සැලකිල්ලෙන් සිටින ලෙසද දන්වයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ Gippsland කලාපයේ ඇතැම් ප්‍රදේශ සඳහා තවමත් හදිසි තත්ත්ව පිළිබඳ අනතුරු අඟවා තිබේ.

එමෙන්ම ලැව් ගිනි නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගලයින් සිව් දෙනෙකු තවමත් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

මේ අතර ලැව් ගිනි නිසා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවාස සිය ගණනක් ගින්නෙන් විනාශ වී ඇති බවත් තවත් නිවාස ගණනාවක් මේ සතිය තුළදී පවා ගින්නෙන් විනාශ වනු ඇති බවටත් අනාවැකි පළ වී තිබේ.

මේ වන විටත් ලැව් ගිනි ඇතිවී ඇති ප්‍රදේශ වලට නිවාස හා දේපළ හානි පිළිබඳ තක්සේරු කරන කණ්ඩායම් පැමිණ ඇති බවද වාර්තා වේ.

ලැව් ගිනි හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගිනිකොණ දිග ප්‍රදේශයේ සත්ත්ව ගොවීන්ට සතුන් 2800 ක් පමණ අහිමිවී ඇතැයි ද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now