SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයින් 1286 දක්වා ඉහළට. නිව් සවුත් වේල්ස් 533 යි, වික්ටෝරියා 296 යි.

Coronavirus
Source: Pixabay

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරසය ආසාදිතවූවන්ගේ ප්‍රමාණය අද (22/03) පස්වරු 6 වන විට 1286 ක් ලෙස වාර්තා වේ.

ඉන් 46 ක් සුවය ලබා ති බවද සඳහන්.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 7 කි.

ඔස්ට්‍රේලියාවේ ඉහළම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර එම ප්‍රමාණය 533 කි.

වික්ටෝරියානු ප්‍රාන්තය එම ලැයිස්තුවේ දෙවැනි තැන ගෙන ඇති අතර ආසාදිතයින්ගේ සංඛ්‍යාව 296 කි.

ගතවූ පැය 24 ඇතුළත වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා වයිරසය ආසාදනය වූ 67 දෙනෙකු වාර්තා වූ අතර එක් දිනකදී ප්‍රාන්තයෙන් වාර්තා වූ ඉහළම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එය ලෙස සටහන් වේ.

එම 67 දෙනාගෙන් 42 ක් පිරිමින් වන අතර 25 ක් කාන්තාවන් වේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (22/03) පස්වරු 6 වන විට 259 ක් ලෙස වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now