SKIP TO MAIN CONTENT

මැයි 04 දින වික්ටෝරියා ප්‍රාන්තයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 22න් 19 ක්ම මෙල්බර්න් මස් සැකසුම් මධ්‍යස්ථානයේ සේවකයින්

Coronavirus cases in Victoria climb by 22, including 19 more cases at an abattoir
Source: Pixabay

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ඊයේ දිනය (04/05) තුළ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 24 ක් ලෙස දැක්වෙයි.

ඒ අනුව ඊයේ දිනය අවසන් වන විට ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,825 කි.

එයින් 5,859 ක් මේ වන විට සුවය ලබා ඇති බවද සඳහන්.

මේ වන විට ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 96 කි.

ඊයේ දිනයේදී වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූයේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වූ අතර එම ප්‍රමාණය 22 කි.

එයින් 19 දෙනෙකුම බටහිර මෙල්බර්න් කලාපයේ Brooklyn හි පිහිටි Cedar Meats Australia නම් මස් සැකසුම් මධ්‍යස්ථානයේ සේවකයින් බව ABC පුවත් සේවය අනාවරණය කළේය.

ඔස්ට්‍රේලියාවේ වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1 කි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now