ඕස්ට්‍රේලියානු රජය විසින් කොරෝනා නිසා ආදායම් අහිමි වුවන්ට ලබා දෙන ඩොලර් 750 දීමනාව පිළිබද ඔබ දැනගත යුතු කරුණු (SBS සිංහල/ වාර්තා)

s

Source: ABC Australia

කොරෝනා වයිරසයේ ආර්ථික බලපෑම සදහා ඕස්ට්‍රේලියානු රජය ලබා දුන් මුල්ම සහනය වන්නේ විවිධ සමාජ සුභ සාධන ලබන ජනතාවට ඩොලර් 750ක දීමනාවක් ලබා දීමයි. මෙහි පළමු දීමනාව මේ වන විට බොහෝ දෙනෙකුට ලැබී තිබේ. මෙහි මීලග පියවර කුමක්ද?

$750 දීමනාව ඔබට ලැබෙන්නේ කවදාද ?

මෙම දීමනාව මාර්තු 12 සිට අප්‍රේල් 13 වන විට jobSeeker, Age Pension හෝ Disability Support Pension යන දීමනා ලැබෙන පුද්ගලයින්ට ලැබේ. බොහෝ දෙනෙකුට අප්‍රේල් 17 වැනිදා වන විට මෙය ලැබීමට නියමිතව තිබු අතර ඩොලර් බිලියන 4.5ක් මිලියන 6ක් වන පිරිසකට ලැබී ඇති බව වාර්තා වේ. ඔබට ඉහත සදහන් දීමනාවක් අප්‍රේල් 13 වැනිදා ට පෙර ලබා ගැනීම අනුමත වුවා නම් ඩොලර් 750ත් ඔබට ලැබේ. එසේම ඉදිරි සති කිහිපය තුලත් මෙම දීමනාව ලබා දීමට සිදු වනු ඇති.

දෙවැනි ඩොලර් 750 දීමනාව ලැබෙන්නේ කවදාද?

රජය විසින් ලබා දෙන සුභ සාධන දීමනාවක් ජුලි 10 වැනිදා වන විට ඔබට ලැබේ නම්, දෙවැනි ඩොලර් 750 දීමනාව ජුලි 13 වැනිදා ලැබෙනු ඇති. නමුත් පළමු වැනි ඩොලර් 750 ලැබුන පුද්ගලයින් සියලු දෙනාට දෙවැනි දීමනාව නොලැබේ. 

JobSeeker, Austudy හා Youth Allowance දීමනා ලාබීන්ට ඒ වෙනුවට සති 2කට ඩොලර් 550ක දීමනාවක් ලැබේ. එය අප්‍රේල් 27 වෙනිදා සිට ලැබීමට නියමිතයි. එය ඔබේ සාමාන්‍ය සුභ සාධන දීමනාව සමග මාස 6ක් ලැබේ.

රජය විසින් ඔබට jobseeker දීමනාව ලබා ගැනීමට ඔබේ සහකරු / සහකාරිය ලබන ආදායමේ සීමාව වැඩි කොට තිබේ

රජය විසින් ඔබට jobseeker දීමනාව ලබා ගැනීමට ඔබේ සහකරු / සහකාරිය ලබන ආදායමේ සීමාව සති 2කට $1,858.50 සිට $3,068.80 දක්වා වැඩි කර තිබේ. නමුත් එය ක්‍රියාත්මක වන්නේ අප්‍රේල් 27 වැනිදා සිට. ඒ නිසා ඔබ දැන් කර ඇති ඉල්ලීම් ඔබේ සහකරුගේ ආදායම වැඩි නම් ප්‍රතික්ශේප විය හැකියි. නමුත් ඔබට එය නැවත ඉල්ලුම් කිරීමට අවශ්‍ය නැහැ. අප්‍රේල් 27 වැනිදා සිට ඔබට එය ලැබෙනු ඇති. නමුත් ඔබේ පුද්ගලික ආදායම් සීමාව එලෙසම පවතී

තවමත් Centrelink ආයතනය සම්බන්ධ කර ගැනීම අපහසුද ?

වාර්තා වන පරිදි තවමත් centrelink ආයතනය සම්බන්ධ කර ගැනීමට පැය ගනන් දුරකථන ඇමතුම් වල රැදී සිටීමට සිදු වේ. රාජ්‍ය සේවා අමාත්‍ය Stuart Robert පවසන්නේ අප්‍රේල් 17 වැනිදාත් Centrelink හි Customer Reference Number (CRN) අංකය වෙබ් පිටුව ඔස්සේ දුරකථන ඇමතුමක් නොමැතිව ලබා ගත නොහැකි වූ බවයි. නමුත් දැන් එය අන්තර්ජාලය ඔස්සේ mygov හරහා ලබා ගැනීමට හැකියාව ඇත. 

සාමාන්යෙන් 10,000ක් පමණ jobseeker දීමනා සතියකට ලබා දුන්නත් දැන් සතියකට දීමනා 21000ක් පමණ සැකසීමට සිදුව ඇති හෙයින් , දෙපාර්තමේන්තුව තාක්ෂනය යොදවා හැකි තරම් ඉක්මනින් එම සේවා ලබා දීමට කටයුතු කරමින් සිටී. 

Source:ABC
s
Source: SBS


 


Share

Published

Updated

By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service