කොරෝනා පැතිරීම වැලැක්වීමට බටහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සීමා වසා දැමීම හා අනෙකුත් ක්‍රියාත්මක වන නව නීති (SBS සිංහල/ වාර්තා)

බටහිර ඔස්ට්‍රේලියාව තුල කොරනා වයිරසය පැතිර යාම වැලැක්වීම සදහා විවිධ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට ප්‍රාන්ත රජය තීරණය කොට තිබේ. වසංගතය පාලනය සදහා ගෙන ඇති විවිධ ක්‍රියාමාර්ගයි මේ

s

Source: ABC Australia

බටහිර ඕස්ට්‍රේලියානු දේශ සීමාව වසා දැමේ

මාර්තු 24 අගහරුවාදා පස්වරු 1.30 ට සිට බටහිර ඔස්ට්‍රේලියාවට ඇතුල් වෙන සියලු දෙනා දින 14ක් නිරෝධායනය විය යුතු වේ. මෙය සයුරෙන්, මාර්ග වලින්, දුම්රිය වලින් හෝ ගුවනින් පැමිණෙන සියලු දෙනාට අදාළ වේ. නමුත් අත්‍යාවශ්‍ය සේවා සදහා මෙය අදාළ නොවේ.දකුණු ඔස්ට්‍රේලියාව හා Northern Territory යන ප්‍රාන්ත ද මීට සමාන පියවර ගෙන තිබේ.

ඔබ බටහිර ඕස්ට්‍රේලියාවේ සිට නැවත පැමිණෙන්නේ කෙසේද ?


මේ පිළිබද වැඩි විස්තර ප්‍රකාශයට පත් කරන බව බටහිර ඕස්ට්‍රේලියානු පොලිස් කොමසාරිස් Chris Dawson මහතා ප්‍රකාශ කළේය. අගහරුවාදා 1.30ට පෙර ප්‍රාන්ත සීමාවෙන් පිට විය නොහැකි නම් , සිටින ස්ථාන වලම කලබල නොවී සිටින ලෙසත් එම වෙලාවට පසු ඇතුල් වන පිරිස් දින 14ක ස්වයං නිරෝධායන්යකට යොමු කරන අතර ඇතුල් වන වෙනත් ප්‍රාන්ත වාසීන් දැනට හරවා යාමක් සිදු නොවන බවද ඒ මහතා පැවසීය.
s
Mr McGowan Source: ABC Australia

වෙළද සල් සදහා භාණ්ඩ ප්‍රවාහනය

ප්‍රාන්තය පතල් හා ට්‍රක් රථ සමාගම් සමග එක්ව කටයුතු කරන බවත්, ගෑස් , ඖශධ හා අනෙකුත් ආහාර ආදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා කටයුතු කෙරෙනු ඇති බවද වාර්තා වේ. පොලිස් කොමසාරිස්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ කලබල වී වෙළද සල් වලින් භාණ්ඩ රැස් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බවයි.

බටහිර ඕස්ට්‍රේලියාවේ නිවාඩු අවලංගු කිරීම

මේ දිනවල බටහිර ඕස්ට්‍රේලියාවේ නිවාඩු ගත කිරීමට නොපැමිණෙන ලෙසත්, පැමිනෙන සියලු දෙනාට දින 14ක් ස්වයං නිරෝධායනයට ලක් වීමට සිදු වන බවද පැවසේ. මුහුදු වෙරල විවෘතව පැවතියද එය වෙනස් වීමට ඉඩ ඇති බවද , සිඩ්නි නුවර Bondi වෙරල තීරයේ වැනි ජනතාවක් බටහිර ඕස්ට්‍රේලියාවේ ජනතාව තුලින් නොදුටු බවද ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Mark McGowan පැවසීය

ප්‍රාන්තය තුල ගමන්

දැනට එසේ ප්‍රාන්තය තුල ගමන් සදහා සීමාවක් නැතත් උතුරු ප්‍රදේශ වල අබෝරිජිනල් ප්‍රජාවන් වෙත යාම තහනම් කොට තිබේ. Kimberley හෝ Goldfields වැනි පෙදෙස් වල සිටින ආදිවාසී ජනයාගේ ප්‍රතිශක්තිය අනෙක් පිරිස් වලට වඩා අඩු  නිසා ඔවුන්ගේ ආරක්ෂාව පිණිස පියවර ගැනීමට ක්‍රියා කරන බව ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා පවසයි

නිරෝධායනය සදහා Rottnest Island

ප්රාන්තයට පැමිණෙන නිරෝධාන්යනයට නොහැකි වූ හෝ අකමැති වන පිරිස් සදහා Rottnest Island ප්‍රදේශයෙහි ඇති හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන බවට හරවා යොදා ගැනීම සලකා බලන බවද ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා පැවසීය. මෙය ඉතා දැඩි පියවරක් වුවද මේ අවස්ථාවේ  දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බව ඔහු පවසයි

පාසල් තවමත් විවෘතව පවතී

Mcgowan මහතා ප්‍රකාශ කලේ දැනට බටහිර ඕස්ට්‍රේලියානු පාසල් විවෘතව තබන බවයි. මෙම තත්වය ඉදිරියේ වෙනස් විය හැකි බවද ජාතික කැබිනට් රැස්වීමෙන් පසුව එය ප්‍රකාශයට පත් කරන බවද ඔහු පැවසීය.

ප්රාන්තය සම්පුර්ණයෙන් වසා දැමීම ?

සමහර ප්‍රාන්ත අත්‍යවශ්‍ය සේවා හැරුණු කොට අනෙකුත් දේ වසා දැමුවත් බටහිර ඕස්ට්‍රේලියාවේ එසේ නොවන බවත් රජයේ එකිනෙකා අතර සාමාජීයව දුරින් සිටීමේ උපදෙස් පිළිපදින ලෙසත් ප්‍රාන්ත ජනතාවට උපදෙස් දී තිබේ

Source: ABC
s
Source: SBS

Share

Published

Updated

By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service