SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කායවර්ධන මධ්‍යස්ථාන වෙත නව කොරෝනා නීති පැනවේ

A man lifting kettlebells at a gym (AAP)
Coronavirus restrictions on New South Wales hospitality venues will be extended to gyms Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අවන්හල්, ආපනශාලා හා තැබෑරුම් වෙත පනවා ඇති කොරෝනා නීති කායවර්ධන මධ්‍යස්ථාන වෙතද පැනවීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඊයේ (29/07) රාත්‍රිය වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා වීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

ඉන් ආසාදිතයින් 10 දෙනෙකුම Wetherill Park හි පිහිටි Thai Rock අවන්හල ආශ්‍රිතව හටගෙන තිබෙන කොරෝනා පොකුරට සම්බන්ධ බව සඳහන්.

එම කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 85 දක්වා වැඩිවී තිබේ.

ඊයේ උදෑසන වන විට වාර්තා අලුතින් වූ කොරෝනා ආසාදිතයින් 19 දෙනාගෙන් තවත් හත් දෙනෙකු Potts Point හි පිහිටි Thai Rock අවන්හල ආශ්‍රිතව හටගෙන තිබෙන කොරෝනා පොකුරට සම්බන්ධ බව වාර්තා වේ.

මෙම තීරණාත්මක අවධියේදී මහජනයා නිවැරදි දේ කළ යුතු බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now