කොරෝනා නිසා අධ්‍යාපනය ලැබීමට ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි වූ චීන සිසුන්ට ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වලින් ඩොලර් දහස් ගණන් දීමනා ලබාදෙයි (SBS සිංහල/ වාර්තා)

s

Source: ABC Australia

කොරෝනා වෛරසය නිසා ඔස්ට්‍රේලියාවට ඒමට නොහැකිව සිටින චීන සිසුන්ට ඔවුන්ගේ නවාතැන්, ගුවන් ගාස්තු හා නිරෝධායනය සදහා ඩොලර් 7500ක දීමනාවක් ලබා දීමට මෙල්බන් විශ්ව විද්‍යාලය තීරණය කොට තිබේ. නමුත් විද්වතුන් පවසන්නේ චීන සිසුන් මත යැපෙමින් ඇති විශ්ව විද්‍යාල මෙවන් තීරණ ගැනීම කෙතරම් සදාචාරාත්මකද යනුවෙන්.
එසේම බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලය හා ඇඩිලේඩ් විශ්ව විද්‍යාලය සිසුන්ට ඩොලර් 1500ක හා 5000ක දීමනා ලබා දී තිබේ.

මෙමගින් චීන සිසුන්ට වෙනත් රටක නිරෝධායනය සදහා නැවතී ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකි වේ. රජය පෙබරවාරි 1 වැනිදා සිට චීන ප්‍රධාන භුමියේ සිට කෙලින්ම පැමිණෙන චීන ජාතිකයන්ට ඔස්ට්‍රේලියාවට ඇතුල් වීම තහනම් කෙරින. මේ පිළිබදව ප්‍රකාශයක් නිකුත් කර ඇති මෙල්බන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Mark Considine ප්‍රකාශ කරන්නේ මෙමගින් සිසුන්ට අධ්‍යාපනය ලැබීමට පැමිණීමට අවශ්‍ය අමතර වියදම් ලබා දීමට බලාපොරොත්තු වන බවයි.

Image චීන සිසුන්මත යැපීම

Centre for Independent Studies හි සහකාර මහාචාර්ය Salvatore Babones පවසන්නේ මෙසේ තායිලන්තය වැනි වෙනත් රටවල් වල සරණාගතයන් ලෙස මෙසේ සිසුන් යොමු කිරීම සදාචාරාත්මක නොවන බවයි. ඔහු මීට පෙරද විශ්ව විද්‍යාල චීන සිසුන් මගින් යැපීම පිලිබදව වාර්තාවක් නිකුත් කර ඇති අතර මෙල්බන් විශ්ව විද්‍යාලය මෙසේ චීන සිසුන් මගින් අනවශ්‍ය ලෙස යැපෙන නිසා ඔවුන්ගේ නොපැමිණීම තුලින් දැඩි බලපෑමක් වී ඇති බව ඔහු පවසයි.

වෙනත් රටවල් මෙසේ චීන සිසුන් මත යැපෙන්නේ නැති බවත්, ස්ථිර වාර්තා නොමැති වුවත් ඔහු සිතන්නේ මෙල්බන් විශ්ව විද්‍යාලයේ ආදායමින් 18%ක් ම චීන සිසුන්ගෙන් පැමිණෙන බවත් ඔහු පවසයි. ඒ නිසා විශ්ව විද්‍යාල රජයට මෙම තහනම ඉවත් කිරීමට ඉල්ලා සිටින බව ද ඔහු පවසයි.

මේ වන විට කොරෝනා වයිරසය දකුණු කොරියාව හා ඉතාලිය වැනි රටවලද පැතිර ගොස් තිබේ.
අධ්‍යාපන අමාත්‍ය Dan Tehan පවසා ඇත්තේ මේ පිළිබද ස්වාධීන තීරණ ගැනීමට විශ්ව විද්‍යාල වලට ඉඩ ඇති බවයි. රජය විසින් විනිවිධ භාවයෙන් යුතුව විදේශිකයන්ට ඔස්ට්‍රේලියාවට ඇතුල් වීම සදහා ඇති නීති ක්‍රියාත්මක කරන බවත් මහජන ආරක්ෂාව පිණිස කටයුතු කරන බවත් ඔහු පවසා තිබේ.
මෙම විවෙචන වලට මෙල්බන් විශ්ව විද්‍යාලයේ ප්‍රකාශක විසින් පිළිතුරු නොදුන්නද ඔවුන් පවසන්නේ මෙම ඔස්ට්‍රේලියාවට නැවත පැමිණෙන සිසුන්ගේ වියදම් සිදුවන ආකාරයට එක් , එක් සිසුවාගේ වියදම් හා තත්වය අනුව නැවත එම මුදල් ලබා දීමට විශ්ව විද්‍යාලය කටයුතු කරන බවයි.

ඕස්ට්‍රේලියාවේ තෘතීක අධ්‍යාපන ආයතන වල චීන සිසුන් 190,000 පමණ අධ්‍යාපනය ලබන බවට වාර්තා වේ.

 


Share

Published

Updated

By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service