SKIP TO MAIN CONTENT

අද - අප්‍රේල් 16 දා වන විට සමස්ත ඔස්ට්‍රේලියාවේම COVID 19 තත්වය පිලිබඳ වාර්තා වන අන්දම

Australia's Chief Medical Officer Brendan Murphy says the government's modelling shows the number of cases of COVID-19 are "flattening".
Australia's Chief Medical Officer Brendan Murphy says the government's modelling shows the number of cases of COVID-19 are "flattening". Source: AAP

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ඕස්ට්‍රේලියානු වේලාවෙන් අද ( 16 April) පෙරවරු 11 වන විට වාර්තා වන සමස්ත කොරෝනා වෛරස රෝගීන් සංඛ්‍යාව 6,456ක් ලෙසට සටහන් වෙයි. එසේම කොරෝනා අසාදනය වීමෙන් මේ වන විට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 63කි.

ප්‍රාන්ත වශයෙන් ගත්කල තවමත් වැඩිම මරණ සංඛ්‍යාවක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර එය 26කි. එමෙන්ම ආසාදිතයින් සංඛ්‍යාව 2897ක් ලෙසට වාර්තා වේ.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් මීළඟ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වන අතර එය 14 කි. ප්‍රාන්තයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1299කි.

.
. Source: SBS Sinhala radio

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 999ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 5කි.

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 433ක් වාර්තාවන අතර මරණ සංඛ්‍යාව වාර්තා වනුයේ 4ක් ලෙසිනි.

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොරෝනා වෛරස අසාදනයෙන් මියගිය සංඛ්‍යාව 6 ක් වන අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 532කි.

තස්මේනියා ප්‍රාන්තයෙන් ද කොරෝනා හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති අතර වාර්තාවන අසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 168 කි.

ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරටරියෙන්  (ACT)  වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 103ක් වන අතර මරණ සංඛ්‍යාව 3කි.

නොදර්න් ටෙරටරියෙන් (NT) කොරෝනා අසාදිත පුගලයින් 27ක් වාර්තා වන අතර මේ වන තෙක් මරණ කිසිවක් කිසිවක් වාර්තා වී නොමැත.

.
. Source: SBS Sinhala radio

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now