ගීතාට මන්ත්‍රී ධුරය අහිමි වෙයි.

Sri Lanka Politics

Source: Daily News

ස්විට්සර්ලන්ත ‐ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය එම පාර්ලිම්න්තු මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු බව අභියාචනාධිකරණය අද (03/05) තීන්දු කළේය.

ගීතා කුමාරසිංහ මහත්මියගේ එම මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම  සම්බන්ධයෙන් වන තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මේ බව තීන්දු කළේය.

ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන කේ.ඩබ්ලිව්.බුවනෙක, ජේ.කේ.අමරවර්ධන ඇතුළු හතරදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.

පෙත්සම මීට පෙර කැඳවූ අවස්ථාවේදී නීතිපතිගේ ස්ථාවරය පිළිබඳව කරුණු දැක්වූ  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක් ද සිල්වා මහතා අභියාචනාධිකරණයට දන්වා සිටියේ වගඋත්තරකාර ගීතා කුමාරසිංහ මහත්මිය ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවන අවස්ථාව වන විට ස්විට්සර්ලන්ත පුරවැසිභාවය ලබා සිටි බවත් එසේ තිබියදී මන්ත්‍රීවරියක ලෙස පත්වීම හෝ එම තනතුරේ කටයුතු කිරීම සුදුසු නොවන බවය.

ඒ අනුව ඇය මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවේ වරප්‍රසාද හිමිකම් වලට යටත් නොවන බවත් ,ද්විත්ව පුරවැසිභාවය ලබා තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ලෙස කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) වගන්තියට පටහැනි බවද දන්වා සිටියේය.

තවද වගඋත්තරකාරිය ස්විස් පුරවැසිබාවයෙන් ඉවත් වී ඇති බවට ප්‍රකාශ කළද , ඒ බව ලිඛිතව ඉදිරිපත් කිරීමට හෝ ඒ බව තහවුරු කිරීම සඳහා සඳහා ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට අපොහොසත් ව ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැන්වීය.

අදාළ ලිපිලේඛන ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාගේ උපදෙස් මත ආගමන විගමන පාලකවරයා වගඋත්තරකාර මන්ත්‍රීවරියට දැනුම් දී ඇතත් ඊට කිසිදු ප්‍රතිචාරයක් මේ වන තෙක් ඇය දක්වා නැති අතර මෙලෙස වෙනත් රටක පුරවැසියෙකු ලෙස කටයුතු කිරීම නීතීවිරෝධී සහ මැතිවරණ පනතට පවා පටහැනි බව හෙතෙම අභියාචනාධිකරණයට දන්වා සිටියේය.


2 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now