COVID 19 update 23 May: පසුගිය සතියේ ලොව වැඩිම කොවිඩ් රෝගීන් හමුවූ රටවල් අතරින් ඔස්ට්‍රේලියාව 3 වන තැනට

2022 මැයි 23 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Australian states and territories reported fewer deaths over the weekend, but hospitalisations are rising in many jurisdictions. (file)

Source: AAP Image/Brendon Thorne

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 11 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 5 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් 5 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් එක් කොවිඩ් මරණයක්ද ඊට ඇතුලත්වේ.

සති අන්තයේදී ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත හා ටෙරිටරිවලින් ආසාදිතයින් අඩු සංඛ්‍යාවක් වාර්තා වූ නමුත් ඇතැම් ප්‍රාන්තවල කොවිඩ් රෝගීන්ගේ රෝහල්ගත වීම ඉහලගොස් තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්ගත වූ පිරිස 555 දක්වා ඉහළ නැග ඇති අතර එය අප්‍රේල් 04 වනදා සිට වාර්තා වූ ඉහළම අගය වේ.

Australian Capital Territory හි කොවිඩ් රෝගීන් 91 දෙනෙකු රෝහල් ගත කර ඇත.

ඒ අනුව කොවිඩ් වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා ACT හි වැඩිම රෝහල්ගතවීම් ඊයේ වාර්තා විය.

පසුගිය සතියේ ගෝලීය නව කොවිඩ් ආසාදන සඳහා තුන්වන වැඩිම දායකත්වය ලබා දුන් රට ඔස්ට්‍රේලියාව විය. පසුගිය දින හත තුළ COVID-19 රෝගීන් 365,168 ක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා විය.

එම ලැයිස්තුවේ ඇමෙරිකාව සහ චීනය පළමු සහ දෙවැනි ස්ථාන ලබාගෙන ඇති අතර පිළිවෙලින් ආසාදිතයින් 700,131 ක් සහ 502,065 ක් බැගින් එම රටවල් දෙක පසුගිය සතිය තුළ වාර්තා කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඉහළ සහ අඩු ආදායම්ලාභී රටවල් අතර එන්නත් සමානාත්මතා පරතරය වසා දමන ලෙස ඉල්ලා ඇත. ඉහළ ආදායම් ලබන රටවල 80% ට සාපේක්ෂව අඩු ආදායම්ලාභී රටවල පුද්ගලයින්ගෙන් 16% ක් පමණක් එක එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගෙන ඇති ඔවුහු සඳහන් කරති.

මෙම වසංගතය ඉන්ද්‍රජාලිකව අතුරුදහන් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom Ghebreyesus පැවසුවේය.

“හැමතැනම ඉවර වෙනකන් කොහෙවත් ඉවර වෙන්නේ නෑ." යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළේය.

කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව පහත වැටී තිබියදීත්, සියලුම කලාපවල රටවල් 70 කට ආසන්න සංඛ්‍යාවක වාර්තා වූ රෝගීන් වැඩිවෙමින් පවතින බව ද ඔහු පැවසීය.


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now