සතිපතා වාර්තාවන නව කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි පුරා අඛණ්ඩව ඉහළ යමින් පවතී.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය දෙසැම්බර් 02 වනදා සිකුරාදා වන විට නව කොවිඩ් රෝගීන් 37,796 ක් සමඟ 20% ක රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා කළේය.
වික්ටෝරියා ප්‍රාන්තයේ අදින් අවසන් වන සතියේදී නව කොවිඩ් රෝගීන් 26,971 ක් සමඟ 21% ක වර්ධනයක් පෙන්වීය.
කෙසේ වෙතත්, නත්තලට පෙර රට තුළ වත්මන් හෝ හතරවන කොවිඩ් රැල්ල ඉහළ යා හැකි බවට වසංගත රෝග විද්‍යාඥයින් පවසයි.
Lagevrio තවදුරටත් එක්සත් රාජධානියේ සහ වෙනත් රටවල නියම කර නොමැති ප්‍රතිවෛරස් ඖෂධයකි.
තවමත් සමාලෝචනය කර නොමැති එහි ඖෂධ විශ්ලේෂණය, Lagevrio ප්‍රතිවෛරස් ඖෂධය වයස 70 ට වැඩි වැසියන්ගෙන් රෝහල්ගත කිරීම හෝ මරණ අවදානම 30% කින් අඩු කර ඇති බව Peter Doherty ආයතනය පැවසුවේය.
Pfizer's Paxlovid ප්‍රමුඛතම ප්‍රතිවෛරස් පෙති ලෙස පවතින අතර එය COVID සහිත පුද්ගලයින්ගේ රෝහල්ගත වීමේ සහ මරණයේ අවදානම 89% කින් අඩු කරයි.
ඔක්තෝබර් 31 වනදා දක්වා COVID-19 සමඟ හෝ ඒ හේතුවෙන් පුද්ගලයින් 13,021 දෙනෙකු මියගොස් ඇති බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත පෙන්වා දෙයි.
මරණ 13,021 න් 10,620 ක් (81.6% ක්) COVID වලින් සිදුවූ මරණ බවත් ඉතිරි මරණ 2,401 වෙනත් හේතු නිසා සිදු වූ නමුත් මෙම පුද්ගලයින්ට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබුණු බව අනාවරණය විය.
මගීන් 4000කින් යුත් කෲස් නෞකාවක් දෙසැම්බර් 02 වනදා බ්‍රහස්පතින්දා මෙල්බර්න් වෙත පැමිණීමෙන් පසු පුද්ගලයින් පස් දෙනෙකු රෝහල් ගත කර ඇත.
Grand Princess නෞකාවේ COVID-19 ආසාදනය වූ මුළු පුද්ගලයින් සංඛ්‍යාව තවමත් බලධාරීන් විසින් අනාවරණය කර නොමැත.
NSW ප්‍රාන්ත රජය 2021 වසරේ lockdown කිරීම්වලදී නිකුත් කරන ලද දඩ 62,138 න් 33,121 ක් ඉවත් කර ගෙන ඇත.
මෙම දඩ මුදල් දඩ පනත යටතේ යැයි කියනු ලබන වරද ප්‍රමාණවත් ලෙස විස්තර කර නොමැති බව NSW ශ්‍රේෂ්ඨාධිකරණයේදී හෙළිවීමෙන් පසුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.
දැනටමත් දඩය ගෙවා ඇති අයට NSW ප්‍රාන්ත රජය එම මුදල් ආපසු ගෙවනු ඇත.
COVID යනු බහු පද්ධති පොකුරු බෝම්බයක් බවට වික්ටෝරියානු ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී මහාචාර්ය Brett Sutton විසින් සම-කර්තෘ ලෙස කටයුතු කළ පර්යේෂණයකින් හෙළිකර තිබේ.
ජනතාව COVID-19 ආසාදනයට පසු රෝහල් ගත කිරීම අවශ්‍ය වන myocarditis පෙරට වඩා 15 ගුණයකින් වැඩි බව වසංගත රෝග විද්‍යාඥ Stacey Rowe පැවසුවාය.
Beijing, Shanghai සහ Guangzhou ඇතුළු ප්‍රධාන නගරවල විරෝධතාවලින් පසු ඉදිරි දිනවලදී චීන බලධාරීන් ඔවුන්ගේ COVID-19 නිරෝධායන සීමා කිරීම් සහ මහා පරිමාණ කොවිඩ් පරීක්ෂණ ලිහිල් කිරීමට අපේක්ෂා කෙරේ.
නොවැම්බර් 30 න් අවසන් සතිය තුළ නව ගෝලීය COVID රෝගීන් සංඛ්‍යාව ස්ථාවරව පැවති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නවතම වාර්තාවේ සඳහන් කරයි.
ජපානය, කොරියාව, ඇමෙරිකාව, ප්‍රංශය සහ ඉතාලිය රටවල් මට්ටමින් සතිපතා වැඩිම COVID රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කර ඇත.
ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria Western Australia
ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

