COVID 19 update 10 Jan: ළමුන්ට කෝවිඩ් එන්නත් වෙන්කරවා ගන්නැයි, ඕස්ට්‍රේලියානු බලධාරීන් දෙමාපියන්ගෙන් ඉල්ලයි

2022 ජනවාරි 10 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

La vaccination est ouverte pour les enfants de 5 à 11 ans.

Source: AAP Image/Bianca De Marchi

  • ඕස්ට්‍රේලියාවේ නව පාසල් වාරය ආරම්භ වීම ලං වන අතරතුර වයස අවුරුදු 5 සිට අවුරුදු 11 දක්වා ළමුන් මේ වනවිට COVID-19 එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලබයි.
  • මේ වනවිට ඕස්ට්‍රේලියාව පුරා එන්නත්කරන මධ්‍යස්ථාන 10,000කට වඩා වැඩි සංක්‍යාවක් ළමුන් එන්නත් කිරීම සඳහා එක්ව සිටින අතර මේ සම්බන්ධයෙන් වෙන්කරවා ගැනීම් සිදු කරන ලෙස ලුතිනන් ජෙනරාල් John Frewen පවසයි.
  • ඇතැම් අත්‍යවශ්‍ය සේවා වල කෝවිඩ් සමීප ආශ්‍රිතයින් යන නිර්වචනය සඳහා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා නව මාර්ගෝපදේශ මාලාවක් ප්‍රකාශයට පත් කොට ඇති අතර එම සේවකයින් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇත්නම් සහ COVID-19 රෝග ලක්ෂණ නොමැති නම් හුදකලා වීමෙන් ඉවත් විය හැක.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පාසල් සිසුන් සිය පළමු පාසල් වාරය සඳහා ජනවාරි මස 24 වැනිදා වෙනුවට පෙබරවාරි මස 7 වැනිදා පාසල් වෙත යාම සිදු කරයි. එය සාමාන්‍ය කාලයට වඩා සති දෙකක් කල් දැමීමකි.
  • NSW Health විසින් ස්වයං හුදකලා අවශ්‍යතා ඉවත් කිරීමට ගත් තීරණය ඔස්සේ සේවා යෝජකයන්ට සේවකයින්ගේ ආරක්ෂාවට වඩා මෙහෙයුම් කටයුතුවලට ප්‍රමුඛත්වය දීමසිදුවන බව ප්‍රවාහන සේවක සංගමය (TWU) පවසයි.
  • NSW ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් 2,030 ක් රෝහල් ගතකර ඇති අතර කොවිඩ් රෝගීන් 159 දෙනෙකු මේ වන විට දැඩි සත්කාර ඒකකවල සිටින බවද සඳහන්
  • වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් ගත කොට ඇති කෝවිඩ් ආසාදිතයින් සංක්‍යාව 752 සිට 818 දක්වා ඉහල ගොස් තිබේ.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් 419 ක් රෝහල් ගතකර ඇති අතර රෝගීන් 21 දෙනෙකු මේ වන විට දැඩි සත්කාර ඒකකවල සිටින බවද තවත් 07 දෙනෙකු ශ්වසන ආධාරක මත සිටින බවද සඳහන්.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ විශේෂිත කර්මාන්ත වල සේවකයින් සඳහා COVID-19 තුන්වන එන්නත් මාත්‍රාව අනිවාර්ය වන බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley අද නිවේදනය කළේය.
  • අතිරේක rapid antigen පරීක්ෂණ කට්ටල මිලියන 50 ක් මිලදී ගන්නා බව NSW ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Dominic Perrottet අද නිවේදනය කළේය. මේ අනුව ප්‍රාන්තය තුල පවතින rapid antigen පරීක්ෂණ කට්ටල සංක්‍යාව මිලියන 100 දක්වා ඉහල යාම සිදු වේ.
  • Service NSW app එක හරහා rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට ඉඩ ලබාදෙන බව NSW ප්‍රාන්ත රජය පවසයි.

ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත්

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 20,293 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 18 ක් වාර්තා වේ. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තවමත් rapid antigen test (RAT) ප්‍රතිඵල නිකුත් කිරීම සිදු නොකරයි.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 34,808 ක් සමග කොවිඩ් මරණ 02 ක් වාර්තා වේ.
  • ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 9,581 ක් වාර්තා වන අතර බලධාරීන් PCR පරීක්ෂණ සහ නිවැසියන් විසින් ඉදිරිපත් කරන ලද ධනාත්මක rapid antigen පරීක්ෂණ (RAT) ප්‍රතිඵල ගණන් කරමින් සිටී.
  • ගතවූ පැය 24 තුළ ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියෙන් කොවිඩ් ආසාදිතයින් 938 ක් වාර්තා වන අතර ටස්මෙනියාවෙන් ආසාදිතයින් 1,218 ක් වාර්තා වේ.

 


නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:

NSW 

Victoria 

Queensland 

South Australia 

ACT 

Western Australia 

Tasmania

Northern Territory 


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

4 min read

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now