SKIP TO MAIN CONTENT

ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 154 ක් දක්වා ඉහළට

Covid-19 deaths
Source: Pixabay

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ඊයේ (14/12) රාත්‍රිය වන විට ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී තිබේ.

කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇත.

ඒ අනුව, මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 154ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 329ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 325ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 4ක්ද සිටී.

පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුද ඇතුළුව ඊයේ දිනය තුලදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 685ක් වේ.

ඒ අනුව ඊයේ දිනය වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 33,481 කි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now