Highlights
- කොරෝනා දැඩිව ව්‍යාප්තව ඇති රටවලින් ගුවන් යානා පැමිණීම නැවත්වීමට ඕස්ට්‍රේලියා කැබිනට් මණ්ඩල අවධානය
- ඉදිරි මාස 12 තුලදී ඔස්ට්‍රේලියාවට ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක්
- වයඹදිග මෙල්බර්න් හි අපජලයෙන් කොරෝනා වෛරස කොටස් හමු වේ
- බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ කොරෝනා සීමා ලිහිල් කෙරේ
- නිව් සවුත් වේල්ස් හි පුද්ගලයින් දෙදෙනා මියයාමට හේතුව කොරෝනා එන්නතද යන්න තවමත් කිව නොහැකි බව අගමැති පවසයි
- ශ්‍රී ලංකාවේ දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ දිනයේදී
කොරෝනා දැඩිව ව්‍යාප්තව ඇති රටවලින් ගුවන් යානා පැමිණීම නැවත්වීමට ඕස්ට්‍රේලියා කැබිනට් මණ්ඩල අවධානය යොමු වේ
කොරෝනා වෛරසය දැඩි ලෙස ව්‍යාප්තව ඇති ඉන්දියාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ගුවන් යානා තාවකාලිකව නවතා දැමීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කල අතර මේ වනවිට කොරෝනා වෛරසයේ දැඩි ව්‍යාප්තියක් පවතින සෙසු රටවල සිට පැමිණෙන ගුවන් යානා ද තාවකාලිකව නවතා දැමීම සම්බන්ධයෙන්ද සලකා බැලීමට ජාතික කැබිනට් මණ්ඩලය සුදානම් වේ.
ඕස්ට්‍රේලියානු ප්‍රධාන වෛද්‍ය නිලධාරී Paul Kelly සහ විදේශ කටයුතු නිලධාරීන් විසින් කොරෝනා අවදානමක් සහිත රටවල් ලැයිස්තුවක් පිළිබඳව මේ වනවිට අවධානය යොමු කොට තිබේ.
කෙසේ නමුත් මේ වනවිට ඉන්දියාව, කොරෝනා අවදානමක් පවතින රටවල් සහිත ලැයිස්තුවේ ඉදිරියෙන් පවතින අතර මෙලෙස අවදානමක් සහිත සෙසු රටවල් සම්බන්ධයෙන් සංචාරක තහනම් පැනවීමටද බලාපොරොත්තු වන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කොට සිටී.
මේ වනවිට ඔස්ට්‍රේලියාව අවම වශයෙන් ලබන මැයි 15 වනදා දක්වා වත් ඉන්දියාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ගුවන් ගමන් නවතා දමා ඇති අතර එහි ප්‍රතිපලයක් වශයෙන් ඔස්ට්‍රේලියනුවන් දහස් ගණනක් ඉන්දියාවේ සිරව සිටී.
ඉදිරි මාස 12 තුලදී ඔස්ට්‍රේලියාවට ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක්
ඉදිරි මාස 12ක කාලය තුලදී ඔස්ට්‍රේලියාව තුල ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බව ඕස්ට්‍රේලියානු ප්‍රධාන බුද්ධි අංශ ප්‍රධානී Mike Burgess අනතුරු අඟවා තිබේ.
ASIO ප්‍රධානියා පාර්ලිමේන්තු පරීක්ෂණයකට සහභාගී වෙමින් සඳහන් කොට ඇත්තේ ඔස්ට්‍රේලියාව තුල ජාතිවාදී කණ්ඩායම් සම්බන්ධයෙන් වන නඩු 33% සිට 40% දක්වා ඉහල ගොස් ඇති බවයි.
මේ හේතුවෙන් මේ වනවිට "සුන්නි" පදනම් කරගත් ප්‍රචණ්ඩ අන්තවාදය සම්බන්ධයෙන් ආරක්ෂක ආයතන දැඩි අවධානයක් යොමු කොට ඇති අතර එවැනි තත්වයක් සඳහා ඕස්ට්‍රේලියානු ආරක්ෂක ආයතන සුදානම් බවද ඔහු සඳහන් කොට තිබේ.
වයඹදිග මෙල්බර්න් හි අපජලයෙන් කොරෝනා වෛරස කොටස් හමු වේ
වික්ටෝරියා ප්‍රාන්තයේ වයඹදිග මෙල්බර්න් හි අපජලයේ තිබී කොරෝනා වෛරස කොටස් හමු වීමත් සමග ඒ ආශ්‍රිත පුද්ගලයින් 200කට වැඩි පිරිසක් සඳහා පරීක්ෂාවට බඳුන් වන ලෙස ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් සඳහන් කොට තිබේ.
Benalla ඇතුලු වික්ටෝරියා හි වයඹදිග තදාසන්න ප්‍රදේශ වල අපජල පද්ධතියේ තිබී කොරෝනා වෛරස කොටස් හමු වූ බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවද තහවුරු කර තිබේ. මේ හේතුවෙන් Keilor, Sydneham , Taylors Lakes සහ Avondale Heights යන ප්‍රදේශ සඳහාද බලපෑමක් එල්ලව ඇතැයි වාර්තා වේ.
පුර්වාරක්ෂාවක් වශයෙන් පුද්ගලයින් හට පරීක්ෂා කරගැනීමට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ කොරෝනා සීමා ලිහිල් කෙරේ
අද(30) මධ්‍යම රාත්‍රියේ සිට බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පවතින කොරෝනා සීමා ලිහිල් කිරීමට නියමිතව තිබේ.
මේ අනුව පොදු ප්‍රවාහනයෙදී සහ ගෘහස්ත ස්ථාන වලදී මුහුණු ආවරණ පැලඳීම අනිවාර්ය වන අතර මෙම ලිහිල් වන නීති සතියක පමන කාලයක් දක්වා ක්‍රියාත්මක කිරීමට ප්‍රන්ත රජය බලාපොරොත්තු වේ.
මේ සම්බන්ධයන් අදහස් පළකරමින් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Mark McGowan සඳහන් කොට සිටින්නේ , ප්‍රජාව තුල තවමත් කොරෝනා වෛරසය පැවතීමේ අවදානමක් තිබෙන අතර පුර්වාරක්ෂාව වඩාත් වැදගත් වන බවයි. මේ හේතුවෙන් අදාළ සමාජ දුරස්ථ බව රකිමින් මුහුණු ආවරණ පැළඳීම සඳහා වන නීති පිළිපදින ලෙස ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා ජාතාවට සඳහන් කොට සිටී.
කිසිදු ප්‍රජා සම්ප්‍රේෂණයක් වාර්තා නොවී බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය මේ වනවිට අඛණ්ඩව දින 5ක කාලයක් ගතකොට තිබේ.
නිව් සවුත් වේල්ස් හි පුද්ගලයින් දෙදෙනා මියයාමට හේතුව කොරෝනා එන්නතද යන්න තවමත් කිව නොහැකි බව අගමැති පවසයි
පසුගියදා සිදු වූ පුද්ගල මරණ දෙක සඳහා කොරෝනා වෛරස එන්නත සෘජු සම්බන්ධතා පවතින බවට වන වාර්තා සම්බන්ධයෙන් සන්සුන්ව සිටින ලෙස ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටී.
කොරෝනා එන්නත ලබා ගැනීමෙන් පසු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර මේ වනතෙක් මෙම මරණ දෙක සහ කොරෝනා වෛරස එන්නත අතර සම්බන්ධතාවයක් පවතීද යන්න පිළිබඳව සාක්ෂි හමුව නොමැත.
Darwin radio station Mix වෙත අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට සිටියේ ඕස්ට්‍රේලියානු චිකිත්සක භාණ්ඩ පරිපාලන ආයතන විශේෂඥයින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන අතර එම වාර්තා ඔස්සේ නිගමනයකට එළඹෙන බවයි.
ශ්‍රී ලංකාවේ දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ දිනයේදී
ශ්‍රී ලංකාවෙන් දිනකදී වාර්තා වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංක්‍යාව ඊයේ වාර්තා වී තිබේ. එම අසාදිත සංක්‍යාව 1500 ඉක්මවන අතර උද්ගතව ඇති තත්වය හමුවේ ශ්‍රී ලංකාව පුරා ග්‍රාම සේවා වසම් 100කට අධික සංක්‍යාවක් මේ වනවිට හුදෙකලා කොට ඇතැයි වාර්තා වේ. මේ අතර ඊයේ දිනයේදී කොරෝනා මරණ 6ක් වාර්තා වී ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා අසාදිත මරණ සංක්‍යාව 667දක්වා ඉහල ගොස් තිබේ.
මෙය අවුරුදු සමය තුලදී සිදු වූ කොරෝනා ව්‍යාප්තියක් බවට විශ්වාස කෙරෙන අතර මේ සඳහා ප්‍රතිචාර දැක්විය යුතු අකාරය පිළිබඳව බලධාරීන්ට නිසි තීරණයකට පැමිණීමට තවත් සති දෙකක කාලයක්වත් ගතවනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කොට සිටී.
එමෙන්ම මහජන සෞක්‍ය පිලිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය S.M. ආනල්ඩ් මහතා සඳහන් කොට සිටියේ මේ වනවිට අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් ශ්‍රී ලංකාව තුල පවතින නමුත් රෝගීන්ගේ ඉහල යාමක් සිදු වුවහොත් ඔක්සිජන් හිඟ වීමේ අවධානමක්ද පවතින බවයි.

