ඕස්ට්‍රේලියාවේ කොරෝනා පැතිරීම ජුලි මස වන විට පාලනය කල හැකි බවට නවතම දත්ත වාර්තා මඟින් අනාවැකියක් (SBS සිංහල / වාර්තා)

d

Source: AAP

නවතම දත්ත ආදර්ශක මගින් පෙන්වා දෙන්නේ සමාජ දුරස්ථ භාවය 70%ක් පමණ දෙනා අනුගමනය නොකළහොත් කොරෝනා වසංගතය පාලනය කල නොහැකි තත්වයට පත් වන බවයි.

නමුත් ඕස්ට්‍රේලියානු ජනගහනයෙන් 80%ක් වත් සමාජ දුරස්ථ භාවය අනුගමනය කල හොත්, සති 13 ක් පමණ වන විට මෙය පාලනය කල හැකි තත්වයක් වනු ඇති බව සදහන්. ඕස්ට්‍රේලියානු ජනතාවගේ ජීවන රටාව පිළිබද සලකා බලා සිඩ්නි විශ්ව විද්‍යාල පර්යේෂකයින් පිරිසක් ඉන්ෆ්ලුඑන්සාව පැතිරෙන ආකාරය අනුගමනය කරමින් Covid -19 පැතිර යන ආකාරයද නිරුපනය කිරීමට සමත් වී තිබේ.

වසංගත පිළිබද පර්යේෂක මහාචාර්ය Mikhail Prokopenko පවසන්නේ ඔවුන්ගේ දත්ත අනුව මෙය පැතිරීම වැලක්වීමට බොහෝ දෙනෙකු සමාජ දුරස්තතාව අනුගමනය කල යුතු බවට පවසා තිබේ.
ඒ අනුව Covid -19 පාලනය කිරීමට අවශ්‍ය නම්, 80%ක් පමණ ජනයා දැඩි සමාජ දුරස්ථ ක්‍රම අනුගමනය කල යුතු බවත්, එය මාස 4ක් පමණ කිරීමට සිදු වන බවත් ඔහු පවසයි.
නමුත් ජනගහනයෙන් 90%ක් ම නිවෙස් වලම සිටිය හොත් සති 13-14ක කාලයක් තුල මෙය පාලනය කල හැකි බවත් , අද සිටම එය ආරම්භ කල හොත්, ජුලි 19 වන විට මෙය පාලනය කල හැකි බවත් පර්යේෂකයින් පවසයි. 80%ක සමාජ දුරස්ථ භාවය සදහා නිවෙසක එක පුද්ගලයෙකු දින 5කට වරක් පිටතට යාමත්, 5 දෙනෙකු සිටින නිවසක එක පුද්ගලයෙකු පමණක් දිනපතා පිටතට ගොස් අනෙක් සියලු දෙනාම නිවසේ රැදී සිටීමට අවශ්‍ය වේ.
s
Source: AAP
අග්‍රාමාත්‍ය Scott Morrison පවසන්නේ අත්‍යාවශ්‍ය නොවන කරුණු වලට හැරුණු කොට පිටතට නොගොස් නිවෙස් තුලම සිටින ලෙසයි. නමුත් තවමත් අත්‍යවශ්‍ය නොවන සේවා කිහිපයක් ක්‍රියාත්මක වේ. මෙම දත්ත පවසන්නේ සමාජයේ 70%කට අඩුවෙන් සමාජ දුරස්ථ භාවය අනුගමනය නොකරයි නම්, වයිරසය පැතිර යාම වැළක්විය නොහැකි බවයි.

නමුත් මහාචාර්ය Prokopenko පවසන්නේ යථා කාල දත්ත නොමැති වීම නිසා දැනට මෙම නීති අනුගමනය කරන පිරිස් සෙවීමට අපහසු බවයි.

ඔවුන්ගේ පර්යේෂණයට අනුව පාසල් වසා තැබීමෙන් වැඩිහිටියන්ට රෝගය පැතිරීමෙම් බලපෑම් ඉතා අඩු බවද පාසල් විවෘතව තැබීමෙන් දරුවන් අතර රෝගය පැතිරීම සුළු වශයෙන් වැඩි විය හැකි බවද ඔවුන් පවසයි.

එසේම ඕස්ට්‍රේලියාවේ කොරෝනා වයිරසය තවමත් උච්ච අවස්ථාවට පැමිණ නැති නිසා ඉක්මනින්ම දැඩි නීති පැනවිය යුතු බවද ඔවුන් පවසයි. නිසි සෞඛ්‍ය පිළිවෙත් සහ පුද්ගල දුරස්ථභාවය ආරක්ෂකරගනිමින් රෝගය උච්චතම අවස්ථාවට පැමිණීම කල්දමා ගතහොත් සෞඛ්‍ය පද්ධතියට ICU ඇදන් ආදී පහසුකම් වලින් සන්න්නද්ධ වීමට කාලය ලැබෙනු ඇති.

Source: SBS News


Share

Published

Updated

By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service