කොවිඩ් සමීප ආශ්‍රිතයාට ඔස්ට්‍රේලියාව නව නිර්වචනයක් දෙයි, හුදකලා වීමේ කාලයද වෙනසකට (SBS සිංහල/ වාර්තා)

මෙම නව නිර්වචනය සහ විධි විධාන ඊයේ (30/12) මධ්‍යම රාත්‍රියේ සිට නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, ක්වීන්ස්ලන්ත සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවලත් ACT තුළත් බලාත්මක වීම ඇරඹිණි.

Scott Morrison announces the reset of the 'close contact' criteria

Scott Morrison announces the reset of the 'close contact' criteria Source: AAP

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison විසින් ඔස්ට්‍රේලියාවේ COVID-19 close contact හෙවත් කොවිඩ් ආසාදිතයෙකු හා සමීපව ගැවසුණු පුද්ගලයින් පිළිබඳ ජාතික අර්ථ දැක්වීමක් ඊයේ පස්වරුවේ ප්‍රකාශයට පත් කරන ලදී.

එම නව නිර්වචනය සඳහා ඊයේ (30/12) පැවති ජාතික කැබිනට් මණ්ඩලයේදී එකඟතාව පළවී ඇත.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න

 


 

  • සුවිශේෂී අවස්ථාවලදී හැර තහවුරු වූ කොවිඩ් ආසාදිතයෙකු සමග එකම නිවසේ වෙසෙන පුද්ගලයෙකු හෝ කොවිඩ් ආසාදිතයෙකු සමග පැය 4 කට වඩා නිවසක, නවාතැන්පොළක, රැකවරණ පහසුකම් සපයන ස්ථානයක සිටි පුද්ගලයෙකු හෝ close contact එකක් හෙවත් කොවිඩ් සමීප ආශ්‍රිතයෙකු ලෙස සලකනු ලැබේ.

 

  • යම් පුද්ගලයෙකු සමීප ආශ්‍රිතයෙකු ලෙස සලකනු ලබන්නේ නම්, කොවිඩ් රෝග ලක්ෂණ නොමැති වුවද Rapid antigen පරීක්ෂණයක් (RAT) කළ යුතුය.

 

  • Rapid antigen පරීක්‍ෂණයේ ප්‍රතිඵලය සෘණාත්මක නම්, ඔවුන් කොවිඩ් ආසදිතයාට නිරාවරණය වූ දින සිට දින හතක් හුදකලා වී හයවන දින තවත් Rapid antigen පරීක්ෂණයක් කළ යුතුය.

 

  • එම Rapid antigen පරීක්ෂණයේ ප්‍රතිඵලය ධනාත්මක නම්, අදාළ ආශ්‍රිතයා PCR පරීක්ෂණයක් කළ යුතුය.

 

  • යම් පුද්ගලයෙකු හට කොවිඩ් රෝග ලක්ෂණ ඇත්නම් ඔහු හෝ ඇය PCR පරීක්ෂණයක් කරගත යුතු අතර දින හතක් හුදකලා විය යුතුය.

 

  • මෙම නව නිර්වචනය සහ විධි විධාන ඊයේ (30/12) මධ්‍යම රාත්‍රියේ සිට නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, ක්වීන්ස්ලන්ත සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවලත් ACT තුළත් බලාත්මක වීම ඇරඹිණි.

 

  • අගමැති මොරිසන්ට අනුව කොවිඩ් හේතුවෙන් මේ වන විට හුදෙකලා වී සිටින පුද්ගලයින්ට ද මෙම නව නීති අදාළ වේ.

 

  • ටස්මේනියා ප්‍රාන්තයේ මෙම නව විධි විධාන 2022 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන අතර Northern Territory සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය ඉදිරි දින කිහිපය තුළදී මෙය ක්‍රියාත්මක කරන දිනය පිළිබඳ දැනුම් දෙනු ඇත.

 

  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය මෙම සමීප ආශ්‍රිතයා යන නව නිර්වචනය පිළිගෙන ඇති නමුත් අනෙකුත් ප්‍රාන්ත සහ ටෙරිටරි විසින් යොමු කෙරෙන දින 7ට වඩා දින 10ක හුදකලා කාලයක් පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:

NSW 

Victoria 

Queensland 

South Australia 

ACT 

Western Australia 

Tasmania

Northern Territory 


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

3 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now