SKIP TO MAIN CONTENT

COVID 19 update 11 July: ඔස්ට්‍රේලියාවේ කොවිඩ් යළි ආසාදනය විය හැකි කාලය දින 28 දක්වා අඩු කෙරේ

2022 ජූලි 11 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Coronavirus
Neue Altersgrenze für die zweite Auffrischungsimpfung Source: AAP Image/Dean Lewins

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 13 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 08 ක්ද බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් සහ Australian Capital Territory වෙතින් කොවිඩ් මරණ 2 බැගින්ද ඊට ඇතුලත්වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

දැනට පවතින සති 12 ක ප්‍රතිශක්තිකරණ කාලය දින 28 දක්වා අඩු කළ යුතු බවට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රධාන කමිටුව (AHPCC) ලබාදුන් උපදෙස් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පිළිගනී.

තමන්ගේ පෙර ආසාදනයෙන් හුදකලා වී දින 28 කට වඩා වැඩි කාලයකට පසු යළි COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කරන පුද්ගලයින් නව ආසාදිතයින් ලෙස වාර්තා කළ යුතු බව AHPCC පවසයි.

Omicron හි BA.4 සහ BA.5 ප්‍රභේද මීට පෙර COVID-19 ප්‍රභේදයකින් ආසාදනය වී ඇති අය සහ ඔවුන්ගේ එන්නත් පිළිබඳව යාවත්කාලීනව සිටින අය අතර නැවත ආසාදනය ඇති කළ හැකි බව එහි සඳහන් වේ. අනෙකුත් ප්‍රාන්ත ද බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය මෙන් ඉක්මනින් AHPCC උපදෙස් පිළිගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජූලි 11 සිට COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කරන වයස අවුරුදු 70 සහ ඊට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට Pharmaceutical Benefits Scheme (PBS) මත ප්‍රතිවෛරස් ඖෂධ ලබාගත හැකිය.

මීට අමතරව, වයස අවුරුදු 50 සහ ඊට වැඩි පුද්ගලයින්ට සහ වයස අවුරුදු 30 ට වැඩි ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වැසියන්ට අවම වශයෙන් අවදානම් සාධක දෙකක් තිබේ නම් මෙම ඖෂධ ලබා ගත හැකිය.

වයස අවුරුදු 18 සහ ඊට වැඩි මධ්‍යස්ථ මට්ටමේ සිට දරුණු මට්ටම දක්වා ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින්ට ද මෙම ඖෂධ ලබා ගත හැක.

වයස අවුරුදු 30 සහ ඊට වැඩි ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ සිව්වන එන්නත හෝ දෙවන බූස්ටර මාත්‍රාව අද (ජූලි 11) සිට ලබා ගත හැක.

දකුණු ඔස්ට්‍රේලියා, නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ACT වලට අනුකූලව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය ද Long COVID-19 සායන ස්ථාපිත කළ හැකිය.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් දැනට බ්‍රිස්බේන් හි නැංගුරම් ලා සිටින Coral Princess නෞකාවේ COVID-19 පැතිරීමක් කළමනාකරණය කරමින් සිටී.

ඉදිරි සතිවලදී දෛනික නව ආසාදන 6,000 ට වඩා වැඩි විය හැකි බව දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරිනි Nicola Spurrier පැවසුවාය. දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය මේ වන විට දිනකට නව ආසාදන 3,000 ත් 4,000 ත් අතර ප්‍රමාණයක් වාර්තා කරයි.

ගෝලීය වශයෙන් COVID-19 මරණ 2020 මාර්තු මාසයට සමාන මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝවන රෝග වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය Maria Van Kerkhove ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

වසංගතය තවමත් අවසන් වී නැති අතර සුපරීක්ෂාකාරීව සිටින ලෙසත්, මුව ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය රැකීම, එන්නත් ලබා ගැනීම, අත් සේදීම, කොවිඩ් පරීක්ෂා කිරීම, ආසාදිත නම් හුදකලා වීම, ආසාදිතයෙකු හා සම්බන්ධ වුවහොත් නිරෝධායනය වීම සහ ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස වෛද්‍ය Maria ජනතාවගෙන් ඉල්ලා සිටියාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now