COVID 19 update 12 July: ආසාදිතයින් සිටි Coral Princess නෞකාව ක්වීන්ස්ලන්තයේ සිට සිඩ්නි වරායට

2022 ජූලි 12 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

The Coral Princess with COVID-19 infected passengers and crew is currently en route to the Port of Eden on the South Coast of NSW.

The Coral Princess with COVID-19 infected passengers and crew is currently en route to the Port of Eden on the South Coast of NSW. Source: AAP/AP Photo/Lynne Sladky

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 55 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 20 ක්ද, වික්ටෝරියා ප්‍රාන්තයෙන් මරණ 16 ක් ද, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 15 ක්ද ඊට ඇතුලත්වේ.

ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි පුරා දෛනික නව රෝගීන් සහ රෝහල් ගතවීම් ඉහළ ගොස් ඇත.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

COVID-19 ආසාදිත මගීන් සහ කාර්ය මණ්ඩලය සහිත කෲස් නෞකාවක් මේ වන විට ක්වීන්ස්ලන්තයේ බ්‍රිස්බේන් සිට NSW හි දකුණු වෙරළ තීරයේ Eden වරාය වෙත ගමන් කරමින් සිටී. මෙම යාත්‍රාව බදාදා (ජූලි 13) සිඩ්නි නුවරට පැමිණීමට නියමිතය.

Coral Princess කෲස් නෞකාවේ මගීන් සුළු සංඛ්‍යාවක් හට COVID-19 ආසාදනය වී ඇති බව NSW Health පැවසීය. එම මගීන්ට නෞකාවට ගොඩවීමට පෙර වයිරසය ආසාදනය වී තිබී ඇති අතර ඊට පසුව ධනාත්මක බවට පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

වාර්තා වූ ආසාදන බොහොමයක් කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර සිටින බව එහි සඳහන් වේ. ප්‍රාන්තයෙන් බැස යන සියලුම මගීන්ට පළමුව RAT ප්‍රතිඵලය සෘණාත්මකව ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව බලධාරීහු පවසති. කාර්ය මණ්ඩලය නෞකාවෙන් බැස නොයනු ඇත.

දැනට පවතින සති 12 ක ප්‍රතිශක්තිකරණ කාලය දින 28 දක්වා අඩු කළ යුතු බවට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රධාන කමිටුව (AHPCC) ලබාදුන් උපදෙස් නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තද පිළිගනී. මෙම උපදෙස් පිළිගත් පළමු ප්‍රාන්ත ලෙස බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය සහ Australian Capital Territory ය වාර්තා වේ.

තමන්ගේ පෙර ආසාදනයෙන් දින 28 කට පසු COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කරන නිවැසියන් දැන් මෙම ප්‍රාන්තවල නව රෝගීන් ලෙස ගණන් ගනු ලැබේ.

Omicron ප්‍රභේදයේ නව උප ප්‍රභේද දෙක වන BA.4 සහ BA.5, පෙර ආසාදනයකින් සති කිහිපයක් ඇතුළත පෙර ආසාදනයෙන් සහ එන්නතෙන් ප්‍රතිශක්තිය මග හැරිය හැකි බව NSW ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය Kerry Chant පැවසුවාය.

වික්ටෝරියා ප්‍රාන්තය පසුගිය සති දෙක තුළ රෝහල්වල COVID-19 සහිත පුද්ගලයින්ගේ සංඛ්‍යාවේ 53% ක වැඩිවීමක් වාර්තා කළේය.

නව උප ප්‍රභේදයන්, නව ආසාදන, නැවත ආසාදන සහ රෝහල් ගත කිරීම් නොකඩවා කරගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බව වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමතිනි Mary-Anne Thomas පැවසුවාය.

වික්ටෝරියා ප්‍රාන්ත රජය Small Business Ventilation Grant වැඩසටහනේ තවත් වටයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එමඟින් ව්‍යාපාරවලට තම සේවකයින් සහ පාරිභෝගිකයින් ගෘහස්ථව ආරක්ෂිතව තබා ගන්නා උපකරණ සඳහා ආයෝජනය කිරීමට උපකාරී වේ.

ප්‍රාන්තයේ දැනට පවතින මුව ආවරණ නීතිවල කිසිදු වෙනසක් නොමැති බව සෞඛ්‍ය ඇමතිනි Mary-Anne Thomas පැවසුවාය.

කෙසේ වෙතත්, තම සේවකයින් සඳහා නිවසේ සිට රාජකාරී කිරීමේ විධිවිධාන සලකා බලන ලෙස ඇය සේවා යෝජකයින්ගෙන් ඉල්ලා සිටියාය. ගෘහස්ථ ස්ථානවල මුව ආවරණ පැළඳීමට ද ඇය නිවැසියන් දිරිමත් කළාය.

වැඩිවන COVID-19 සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව මධ්‍යයේ ඇතැම් ප්‍රාන්තවලට elective සැත්කම් කල් දැමිය හැකි බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Paul Kelly, ABC රුපවාහිනියට පැවසුවේය.


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now