COVID 19 update 14 July: ඔස්ට්‍රේලියාවේ Aged Care මධ්‍යස්ථාන සඳහා ශීත සෘතු කොව්ඩ් සැලැස්ම එළි දක්වයි

2022 ජූලි 14 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Medical staff at St Basil's Home for the Aged Care in Melbourne

Medical staff at St Basil's aged care facility in Melbourne. (file) Source: AAP Image/David Crosling

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 78 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 36 ක්ද. වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 20 ක්ද සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 18 ක්ද ඊට ඇතුලත්වේ.

ඇතැම් ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි පසුගිය මාස හතර තුළ ඔවුන්ගේ වැඩිම COVID-19 රෝගීන්ගේ රෝහල්ගත වීම් සංඛ්‍යාව වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
Aged Care ඇමතිනි Anika Wells විසින් Albanese රජයේ Aged Care පදිංචිකරුවන් සඳහා වන ශීත සෘතු සැලැස්ම නිකුත් කරන ලදී. එන්නත් කිරීමේ අනුපාතය වැඩි කිරීම සහ ප්‍රතිවෛරස් ප්‍රතිකාර සඳහා ප්‍රවේශය මෙම සැලැස්මට ඇතුළත් වේ.

Aged Care මධ්‍යස්ථානවල සහ අනෙකුත් ඉහළ අවදානම් ස්ථානවල මුව ආවරණ පැළඳීම තීරණාත්මක ආරක්ෂක ක්‍රමයක් ලෙස පවතින බව Aged Care ඇමතිනි Anika Wells පැවසුවාය. මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමේ වැදගත්කම තහවුරු කිරීම සඳහා සෑම ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම සිටින සෞඛ්‍ය අමාත්‍යවරුන් සමග ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා සාකච්ඡා පවත්වා ඇත.

Coral Princess කෲස් නෞකාව COVID-19 සඳහා ධනාත්මක වූ කාර්ය මණ්ඩලය 100කට වැඩි පිරිසක් සමඟ සිඩ්නි සිට බ්‍රිස්බේන් බලා පිටත්ව ගොස් ඇත.

ඔස්ට්‍රේලියාවේ වත්මන් COVID-19 තත්ත්වය පිළිබඳව ජාතික කැබිනට් රැස්වීමක් කැඳවන ලෙස ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනි Annastacia Palaszczuk, අගමැති Anthony Albanese ගෙන් ඉල්ලා තිබේ.

ජූලි 9 න් අවසන් වූ සතිය තුළ NSW ප්‍රාන්තය COVID-19 මරණ 116 ක් වාර්තා කළේය. මරණයට පත්වූ පුද්ගලයින් 116 න්, 77 ක් පමණක් COVID-19 එන්නතෙහි තුන්වන මාත්‍රාව ලබා ගෙන ඇත. වයස අවුරුදු 65 ට අඩු පුද්ගලයින්ගෙන් මරණ අටක් වාර්තා විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය අඛණ්ඩව පස්වන සතියටත් සතිපතා ගෝලීය රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා කළේය. එහිදී වැඩිම රෝගීන් වාර්තා වූයේ ප්‍රංශයෙන් වන අතර ඇමෙරිකාව, ඉතාලිය, ජර්මනිය සහ බ්‍රසීලයෙන්ද වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා විය.

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service