ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 21 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 11 ක් වාර්තා වී තිබේ. එමෙන්ම පසුගිය පැය 24ක කාලය තුලදී ඕස්ට්‍රේලියාවෙන් මරණ 42ක් වාර්තා වී තිබේ.
මේ අතර බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් නව ආසාදිතයින් 9,782 නෙකු වාර්තා වූ අතර මෙය අප්‍රේල් 04 න් පසුව එම ප්‍රාන්තයෙන් වාර්තා වූ ඉහළම කොවිඩ් ආසාධිතයින් සංඛ්‍යාව ලෙසද එය වාර්තා වේ. එමෙන්ම බටහිර ඕස්ට්‍රේලියාවෙන් පසුගිය පැය 24ක කාලය තුලදී මරණ 2ක්ද වාර්තා වූ අතර අප්‍රේල් 19 සහ මැයි 3 අතර මරණ 12ක් වාර්තා වී තිබේ.
ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන නව ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ මරණ සම්බන්ධයෙන් මෙතැනින් පරීක්ෂා කරන්න.
- NSW – Liverpool, Westfield Liverpool
- NSW – Blacktown, Westpoint SC
- QLD – Southport, Australia Fair
- QLD – Beenleigh, Beenleigh Marketplace
- VIC – Melton West, Woodgrove SC
- VIC – Werribee, Pacific Werribee
- NT – Palmerston, Gateway SC
- SA – Salisbury Downs, Hollywood Plaza
- SA – Smithfield, Munno Para SC
මේ වනවිට වාර්තා වන නව Omicron ප්‍රභේද BA.4, BA.5 සහ BA.2.12.1 සඳහා එන්නත් ලබාගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කොට තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVID-19 විශේෂඥ වෛද්‍ය Maria Van Kerkhove සඳහන් කොට සිටින්නේ, බොහෝ BA.4 සහ BA.5 ප්‍රභේද දකුණු අප්‍රිකාවෙන් මතුව ඇති බවයි.
එමෙන්ම වෛද්‍ය Maria Van Kerkhove පෙන්වා දෙන්නේ ඔමික්‍රොන් යටතේ වර්ගීකරණය කර ඇති සියලුම උප ප්‍රභේද වල ප්‍රතිශක්තිකරණ පද්ධතිය අභිබවා යාමට යම් හැකියාවක් පවතින බවයි.
BA.2.12.1 ආසාදිතයින් ප්‍රධාන වශයෙන් ඇමරිකාවෙන් වාර්තා වන අතර, දැනට ඕස්ට්‍රේලියාවේ සහ ඇතැම් රටවල ප්‍රධාන වශයෙන් තිබෙන BA.2 ප්‍රභේදයට වඩා මෙම ප්‍රභේද වල වැඩි වර්ධන හැකියාවක් තිබේ.
නිව් සවුත් වේල්ස් සහ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වෙත ආපසු පැමිණි සංචාරකයින් මගින් BA.4 සහ BA.5 ආසාදිතයින් හඳුනාගෙන තිබේ. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි අපජල පද්ධති වලද BA.2.12.1 ප්‍රභේදය සොයා ගෙන තිබේ.
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria Western Australia
ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට

