COVID 19 update 13 May: බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ දෛනික ආසදිතයින් සංඛ්‍යාව තවමත් 15,000 මට්ටමේ

2022 මැයි 13 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

People wait outside a COVID testing clinic South of Brisbane, Wednesday, January 5, 2022. (AAP Image/Jono Searle) NO ARCHIVING

Queensland's hospitalisation number has declined from 597 on 13 April to 407 on 13 May. Source: AAP Image/Jono Searle

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 45 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 13 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් 18 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 12 ක්ද ඊට ඇතුලත්වේ.

ගතවූ පැය 24 තුළ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් නව කොවිඩ් ආසාදිතයින් 15,565 ක් වාර්තා වූ අතර එය ඊට පෙර දින වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවට වඩා තරමක අඩුවීමකි. එමෙන්ම මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 3 ක්ද බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය. 

ACT පදිංචිකරුවන්ට ලියාපදිංචි සමාජ ශාලා, රාත්‍රී සමාජශාලා, strip clubs, ගණිකා නිවාස සහ ප්‍රවේශපත්‍ර රහිත පවත්වන උත්සව සඳහා ඇතුළු වීමේදී මැයි 13 වන දින රාත්‍රී 11.59 සිට check in වීම අවශ්‍ය නොවේ.

උතුරු කොරියාව ඊයේ දිනයේදී නාඳුනන උණ රෝගයක් සහ එහි පළමු COVID-19 ආසදිතයා තහවුරු කිරීමෙන් පසු මරණ හයක් වාර්තා කළේය.

අප්‍රේල් මාසයේ සිට 350,000 කට වැඩි පිරිසක් උණ සඳහා ප්‍රතිකාර ලබා ඇති බව උතුරු කොරියාවේ රාජ්‍ය මාධ්‍ය පැවසුවේය. බ්‍රහස්පතින්දා මියගිය හය දෙනාගෙන් එක් අයෙකුට Omicron ප්‍රභේදය ආසාදනය වී තිබුණි.

කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට මිලියනයක් COVID මරණ සමඟ තම රට ඛේදජනක සන්ධිස්ථානයක් සනිටුහන් කළ බැවින්, “වසංගතය තවම අවසන් වී නැත” යනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසීය.


Share

2 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now