COVID 19 update 31 May: ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 52 ක්, ACT හි රෝහල්ගත කිරීම් ද ඉහළ යයි

2022 මැයි 31 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Leading epidemiology modellers predict another COVID wave in early June.

Leading epidemiology modellers predict another COVID wave in early June. (file) Source: AAP Image/Brendon Thorne

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 52 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 20 ක්ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් 19 ක්ද සහ ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් මරණය 11 ක්ද ඊට ඇතුලත්වේ. බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් පෙර සිදුවූ කොවිඩ් මරණ 4 ක් වාර්තා විය.

පෙර දිනය හා සසඳන විට, ඕස්ට්‍රේලියාව පුරා දෛනික නව COVID-19 ආසාදන සංඛ්‍යාව සහ රෝහල් ගතවීම් සංඛ්‍යාවේ ඉහළ යාමක් දක්නට ලැබුණි.

Australian Capital Territory හි රෝහල් ගත කළ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 93 ක් වන අතර එය අප්‍රේල් 04 න් පසුව ඔවුන්ගේ වැඩිම රෝහල්ගත කිරීම් සංඛ්‍යාව ලෙස වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

එළඹෙන ජුනි මස මුලදී තවත් COVID රැල්ලක් පිළිබඳ ප්‍රමුඛ පෙළේ වසංගත රෝග විශ්ලේෂකයින් පුරෝකථනය කරයි. Omicron හි BA.2 ප්‍රභේදය නිසා ඇති වූ ආසාදන රට තුළ ස්ථාවර වී ඇති අතර BA.4 සහ BA.5 නව ප්‍රභේද නව ආසාදන ඇති කරන බව AFR හි වාර්තාවක් උපුටා දක්වමින් වසංගත රෝග විද්‍යාඥයින් පවසයි.

පසුගිය සතිය තුළ රෝගීන් 30% කට වඩා වැඩි වීමෙන් පසු වික්ටෝරියා ප්‍රාන්ත වැසියන් සඳහා නොමිලේ flu එන්නත් ලබාගැනීමට හැකි බව ප්‍රකාශයට පත් කර ඇත. ජූනි 1 සිට 30 දක්වා කාලය තුළ පවුලේ වෛද්‍යවරු සහ ඔසුසැල් 3,000 කින් flu එන්නත නොමිලේ ලබාගත හැකිය.

නිව් සවුත් වේල්ස්, දකුණු ඔස්ට්‍රේලියාව, ක්වීන්ස්ලන්තය සහ බටහිර ඔස්ට්‍රේලියාවේද flu එන්නත මේ වන විට නොමිලේ ලබාදේ.

13 හැවිරිදි පිරිමි ළමයෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු meningococcal රෝගය පිළිබඳ සිද්ධියක් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය විසින් දැනුම් දී ඇත. ඔහුගේ සමීප ආශ්‍රිතයින් අට දෙනෙකු ප්‍රතිදේහ ලබා ගැනීමට යොමු කර ඇත.

මෙම බැක්ටීරියා රෝගය මාරාන්තික විය හැක. මොළය, කොඳු ඇට පෙළ සහ රුධිර ප්‍රවාහය ආසාදන ඇති විය හැක.

කොවිඩ් වසංගතය නිසා වසර දෙකක් වසා දැමුණු ජපානය ජුනි 10 වන දින රටවල් 98 ක සංචාරකයින්ට තම රට තුළට පැමිණීමට අවසර දෙනු ඇත. කෙසේ වෙතත්, සංචාරකයින්ට ජපානයට යා හැක්කේ සංචාරක කණ්ඩායම්වල කොටසක් ලෙස පමණි.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now