Highlights
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 52 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 16 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් 20 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 12 ක්ද ඊට ඇතුලත්වේ.
අප්‍රේල් 4 වැනිදා සිට Australian Capital Territory හි රෝහල්ගතවීම් සංඛ්‍යාව ඉහළ යමින් පවතී. ගතවූ පැය 24 තුළ ACT හි ආසාදිතයින් 80 දෙනෙකු රෝහල්ගත කර ඇති බව සඳහන්.
ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වයස අවුරුදු 5-11 ළමුන් අතර පහළ එන්නත් කිරීමේ අනුපාතය ඉහළ නැංවීම සඳහා මැයි 27 සිට පාසල්වල කොවිඩ් එන්නත් මධ්‍යස්ථාන 40 ක් විවෘත කිරීමට නියමිතය. සතියකට පාසල් 10 ක කොවිඩ් එන්නත් කිරීමේ වැඩසටහන සිකුරාදා සහ සෙනසුරාදා දිනවල පමණක් ක්‍රියාත්මක වේ.
කොවිඩ් වසංගතය ආරම්භයේ සිට ප්‍රාන්තයේ ළමුන් නව දෙනෙකු හට paediatric multi-system inflammatory සින්ඩ්‍රෝමය (PIMS-TS) වැළදී ඇති බව දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනි මහාචාර්ය Nicola Spurrier පැවසුවාය.
COVID-19 හි දුර්ලභ නමුත් ජීවිතයට තර්ජනයක් විය හැකි අතුරු ආබාධයක් වන PIMS-TS, කොවිඩ් එන්නත ලබා දීම මගින් වළක්වා ගත හැකි බව මහාචාර්ය Nicola Spurrier සඳහන් කළාය.
සැලකිය යුතු සෞඛ්‍ය ගැටළු ඇති අය ඇතුළුව, වයස අවුරුදු 12-15 අතර ළමුන් සඳහා බූස්ටර් මාත්‍රා අවශ්‍යද යන්න පිළිබඳ සාක්ෂි ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම සමාලෝචනය කරමින් සිටියි.

