COVID 19 update 07 March: ලොව පුරා කොවිඩ් මරණ මිලියන 6 ක්, ඊට වැඩි විය හැකි බවටත් විශ්වාසයක්

2022 මාර්තු 07 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

A patient infected with the coronavirus sits on a bed in the intensive care unit of the Afghan Japan Communicable Disease Hospital, in Kabul, Afghanistan, Monday, Feb. 7, 2022.

A patient infected with COVID-19 in an intensive care unit in Kabul, Afghanistan. Source: AP / Hussein Malla

Highlights

  • John Hopkins විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව ලොව පුරා වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව මිලියන 6 දක්වා ළඟා වීමට ආසන්න වේ.
  • විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල කොවිඩ් මරණ අවතක්සේරු කිරීම සහ අඩුවෙන් වාර්තා කිරීම හේතුවෙන් මෙය අඩු සංඛ්‍යාවක් බව විශේෂඥයෝ විශ්වාස කරති. සැබෑ කොවිඩ් මරණ සංඛ්‍යාව මිලියන 21 ක් පමණ වන බව සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය පිළිබඳ බාහිර මහාචාර්ය Tikki Pang පැවසුවාය.
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ දෙමාපියන් සහ රැකබලා ගන්නන් තම දරුවා කොවිඩ් ආසාදිතයෙකුගේ සමීප ආශ්‍රිතයෙකු බවට හඳුනා ගත් විට නිරෝධායනය කිරීමට තවදුරටත් අවශ්‍ය නොවේ. අදාළ දරුවාගේ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සෙසු අයට රෝග ලක්ෂණ නිරීක්ෂණය කරමින් නොකඩවා රැකියාවට හෝ පාසලට යා හැක.
  • වෙන් කරන ලද අමුත්තන්ගේ වේලාවල් තුළදී බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ රෝහල් ගත වූවන් බැලීමට එක් වරකට එක් අමුත්තෙක් පමණක් පැමිණීමට අවසර ලැබේ.
  • සෑම පැය දෙකක සංචාරයක් සඳහා එක් රෝගියෙකු බැලීම සඳහා විවිධ වේලාවන්හිදී විවිධ අමුත්තන්ට එකම දිනක රෝහලට පැමිණීමට හැකිය. අත්‍යවශ්‍ය අමුත්තන් ලෙස සැලකෙන පුද්ගලයින්ට විශේෂ අවසර හිමිවේ.
  • කොවිඩ් සම්බන්ධ නවතම පර්යේෂණයක් සඳහා බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින සහ රුධිරය පරිත්‍යාග කළ හැකි පුද්ගලයින් 1500 ක් පමණ සොයන බව වික්ටෝරියා ප්‍රාන්ත රජයේ නවෝත්පාදන ඇමතිනි Jaala Pulford පැවසුවාය. මෙම පර්යේෂණය හරහා කොවිඩ් එන්නත් වල සඵලතාවය සහ COVID-19 හි දිගුකාලීන බලපෑම් පිළිබඳ අවබෝධයක් ලබා දීමට බලාපොරොත්තු වේ.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 9,017 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 5 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 1,066 ක් රෝහල්ගත කර ඇති අතර 43 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 5,645 ක් සමග කොවිඩ් මරණ 2 ක් වාර්තා විය. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 227 ක් රෝහල්ගත කර ඇති අතර 29 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 3,677 ක් සමග එක් කොවිඩ් මරණයක් වාර්තා විය. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 267 ක් රෝහල්ගත කර ඇති අතර 20 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 784 ක් වාර්තා වේ. එමෙන්ම ටස්මේනියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 21 ක් රෝහල්ගත කර ඇති අතර පස් දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.
  • ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 553 ක් වාර්තා වේ. එමෙන්ම ACT  හි මේ වන විට කොවිඩ් රෝගීන් 39 ක් රෝහල්ගත කර ඇති අතර දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.
  • ගතවූ පැය 24 තුළ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 2,365 ක් සමග එක් කොවිඩ් මරණයක් වාර්තා විය. එමෙන්ම බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 36 ක් රෝහල්ගත කර ඇත.
  • ගතවූ පැය 24 තුළ Northern Territory වෙතින් කොවිඩ් ආසාදිතයින් 235 ක් සමග එක් කොවිඩ් මරණයක් වාර්තා විය. එමෙන්ම Northern Territory වෙතින් මේ වන විට කොවිඩ් රෝගීන් 47 ක් රෝහල්ගත කර ඇති අතර තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.

 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.



 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria   Western Australia  

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria    

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට

 


Share

4 min read

Published

Updated

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now