COVID 19 update 28 June: ඔස්ට්‍රේලියාවේ නව ආසාදන සහ රෝහල්ගතවීම් වැඩි වෙතැයි අපේක්ෂාවක්

2022 ජුනි 28 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

People are seen lining up outside of a retail store in Melbourne, Friday, October 29, 2021. At 6pm, the border between Melbourne and the regions will come down, masks will no longer need to be worn outdoors, indoor entertainment venues, gyms and retail ca

Australian states and territories are bracing for a new COVID-19 wave. (file) Source: AAP/JAMES ROSS

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 70 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 40 ක් ද, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 19 ක්ද, වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 11 ක්ද ඊට ඇතුලත්වේ. බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 04 ක්ද වාර්තා විය.

Australian Capital Territory හි රෝහල් ගතවු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 121 ක් ලෙසට වාර්තා වන අතර 2020 ජනවාරි මාසයේ කොවිඩ් වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා ACT හි වැඩිම රෝහල්ගත් වීම් සංඛ්‍යාව ලෙස ද එය වාර්තා වේ.

ACT සෞඛ්‍ය බලධාරීන් කැන්බරා රෝහලේ පිළිකා වාට්ටුවක COVID-19 පැතිරී වයිරසය පැතිරී යාමක් පිළිබඳව විමර්ශනය කරයි. වසංගතය පාලනය වන තුරු නව රෝගීන් ඇතුළත් කිරීම සඳහා එම වාට්ටුව වසා ඇත.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
ක්වීන්ස්ලන්තය කොවිඩ් රෝගීන්ගේ රෝහල්ගතවීම් සංඛ්‍යාවේ තියුණු වැඩිවීමක් අඛන්ඩව අත්විඳියි. අද (28/06) වන විට ප්‍රාන්තයේ රෝහල් ගත  කළ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 593 දෙනෙකු වූ අතර එය පසුගිය මාස දෙක තුළ ඉහළම අගය බව සඳහන්.

BA.5 සහ BA.4 රෝගීන්ගේ වැඩිවීමක් සමඟ නව කොවිඩ් රැල්ලක් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට පැමිණෙන බව ප්‍රධාන වෛද්‍ය නිලධාරී John Gerrard, ABC පුවත් වෙත පැවසුවේය. සති හතරකට පෙර BA.5 සහ BA.4 ආසාදනය වූ 2%ට වඩා අඩු රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව දැන් නව රෝගීන් 38% ක් වූ බව ඔහු පැවසීය.

රෝහල්ගතවීම් තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ඔවුන්ගේ තුන්වන සහ හතරවන බූස්ටර් මාත්‍රා ලබා ගන්නා ලෙස ඔහු සුදුසුකම් ලත් පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියේය. COVID-19 ප්‍රතිවයිරස් ඖෂධ සඳහා ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කරන ලෙසද ඔහු ක්වීන්ස්ලන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

බූස්ටර් මාත්‍රාව හෝ තුන්වන COVID-19 එන්නත් මාත්‍රාව, එන්නත් මාත්‍රා දෙකකට වඩා Omicron වලින් රෝහල්ගතවීම් හෝ මරණයට එරෙහිව 65% ක වැඩි ආරක්ෂාවක් සපයන බව ප්‍රතිශක්තිකරණ පර්යේෂණ සහ නිරීක්ෂණ සඳහා ජාතික මධ්‍යස්ථානය (NCRIS) විසින් කරන ලද අධ්‍යයනයකින් පෙන්නුම් කර ඇත.

ඔස්ට්‍රේලියාවේ 2022 ජනවාරි සහ පෙබරවාරි මාසවල Omicron තරංගයේ උච්චතම අවස්ථාවේදී මෙම අධ්‍යයනය සිදු කරන ලදී.

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
COVID 19 update 28 June: ඔස්ට්‍රේලියාවේ නව ආසාදන සහ රෝහල්ගතවීම් වැඩි වෙතැයි අපේක්ෂාවක් | SBS Sinhala