COVID 19 update 28 Jan: දිනක් තුළ ඔස්ට්‍රේලියාවෙන් වාර්තාවූ ඉහළම මරණ සංඛ්‍යාව ගතවූ පැය 24 න්

Paramedics tending to their ambulance outside St. Vincent hospital in Melbourne.

Paramedics tending to their ambulance outside St. Vincent hospital in Melbourne. Source: AAP

Highlights

  • ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 93 ක් වාර්තා වී ඇති අතර කොවිඩ් වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා පැය 24 ක් තුළ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ඉහළම කොවිඩ් මරණ සංඛ්‍යාව ලෙස ද මෙය සටහන් වේ.
  • ඔස්ට්‍රේලියාවේ ඖෂධ නියාමකයින් විසින් Pfizer එන්නත සඳහා තාවකාලික අනුමැතිය ලබා දීමෙන් පසුව 16 සහ 17 වන වියෙහි පසුවන්නන්ට ඉක්මනින් COVID-19 බූස්ටර් එන්නතක් ​​ලබා ගැනීමට හැකි වනු ඇත. මීට පෙර බූස්ටර් එන්නතක් සඳහා සුදුසුකම් ලැබුවේ වැඩිහිටියන් පමණි.
  • වික්ටෝරියානු සහ නිව් සවුත් වේල්ස් දේශපාලකයින්ගේ ඉල්ලීම්වලින් පසුව පූර්ණ කොවිඩ් එන්නත්කරණය යන නිර්වචනයට කොවිඩ් එන්නතේ මාත්‍රා තුනක් ලබාගැනීම ඇතුළත් කළ යුතුද යන්න සෞඛ්‍ය විශේෂඥයින් තවමත් සලකා බලයි.
  • COVID-19 පැතිරීම නැවැත්වීම සඳහා මධ්‍යම ඕස්ට්‍රේලියා කලාපය වහාම වසා දමන ලෙස ඉල්ලා Northern Territory හි ප්‍රමුඛතම ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ සංවිධාන ප්‍රධාන අමාත්‍යවරයාට විවෘත ලිපියක් යවා ඇත.
  • ඊයේ ජාතික කැබිනට් මණ්ඩලයේ 65 වන රැස්වීම පැවැත්වුණු අතර කොවිඩ් රෝගීන්ව රෝහල්වලට සහ දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීම් සඳහා වන පීඩනය සෙමෙන් අඩුවෙමින් පවතින බව එහිදී ප්‍රාන්ත සහ ටෙරිටරි වාර්තා කළේය.
  • බොහෝ ප්‍රාන්තවල 2022 වසර සඳහා පාසල් යළි විවෘත කිරීමේ සැලසුම හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතී. ලබන සතියේ නැවත පාසල් පන්තිකාමර වෙත පැමිණෙන සෑම සිසුවෙකුටම rapid antigen පරීක්ෂණ වෙන් කර ඇති බව NSW ප්‍රාන්ත රජය තහවුරු කර ඇති අතර නව බස් සහ දුම්රිය සේවා ද ප්‍රකාශයට පත් කර ඇත.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ, කතෝලික සහ ස්වාධීන පාසල්වලට rapid antigen පරීක්ෂණ කට්ටල මිලියන 2ක් ලබා දී ඇත. පාසල් යළි ඇරඹීමට පෙර rapid antigen පරීක්ෂණ කට්ටල මිලියන 6 ක් ලබා දීමට ද අපේක්ෂා කෙරේ.
  • කෙසේ වෙතත්, ක්වීන්ස්ලන්තයේ, දෙමාපියන්, ගුරුවරුන් සහ සිසුන් තවමත් පාසල් යළි විවෘත කිරීමේ ප්‍රාන්ත රජයේ සැලැස්ම එළිදක්වන තෙක් බලා සිටිති.
  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 18 ක් වාර්තා වූ අතර එය ඔවුන්ගේ වැඩිම දෛනික කොවිඩ් මරණ ලෙස වාර්තා වේ. එයින් 12 දෙනෙකුම aged care මධ්‍යස්ථානවල සිටි අය වෙති.
  • NSW ප්‍රාන්තයේ ICU හි බරපතල ලෙස රෝගාතුර වූ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව උපකල්පණය කළ උච්චතම තත්ත්වයට වඩා අඩු මට්ටමක පවතින අතර රෝහල් ගතවීම් ලබන සතියේ සිට පහත වැටෙනු ඇතැයි NSW ප්‍රාන්ත රජයේ ආකෘතියක් පෙන්නුම් කරයි.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 13,333 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 35 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 2,737 ක් රෝහල්ගත කර ඇති අතර 189 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 12,755 ක් සමග කොවිඩ් මරණ 39 ක් වාර්තා වේ. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 988 ක් රෝහල්ගත කර ඇති අතර 114 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 9,974 ක් ද කොවිඩ් මරණ 18 ක් ද වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 818 ක් රෝහල්ගත කර ඇති අතර 54 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
  • ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 584 ක් වාර්තා වේ. එමෙන්ම ටස්මේනියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 19 ක් රෝහල්ගත කර ඇති අතර එක් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයේ සිටී.

ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත්


නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන් 

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:


Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service