SKIP TO MAIN CONTENT

COVID 19 update 24 Feb: බටහිර ඔස්ට්‍රේලියා වැසියන්ට නුදුරේදීම, තවත් බාධක රැසක්

2022 පෙබරවාරි 24 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

WA Premier Mark McGowan.
WA Premier Mark McGowan. Source: AAP Image/Richard Wainwright

4 min read

Published

Updated

By Nipuna Dodangoda



Skip to article content

Highlights

  • බටහිර ඔස්ට්‍රේලියා වැසියන්ට සහ ව්‍යාපාර සඳහා ඉදිරියේදී විවිධ බාධක මතු වනු ඇති බවට විශ්වාස කිරීම මත ඩොලර් මිලියන 67ක ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කිරීමට බටහිර ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Mark McGowan කටයුතු කොට තිබේ.
  • බටහිර ඕස්ට්‍රේලියාවේ කොවිඩ් අසාදන 17ක් වාර්තා වූ අතර පුද්ගලයින් 850 දෙනෙකු පමණ වාසය කරන ප්‍රාන්තයේ විශාලතම ආදිවාසි ප්‍රජාව සිටින Bidyadanga ප්‍රදේශය lockdown කිරීමට කටයුතු කොට තිබේ.
  • බටහිර ඕස්ට්‍රේලියා ප්‍රන්තයේ ප්‍රජාව තුළ එන්නත් කිරීමේ ප්‍රතිශතය ගැන සැලකීමේදී, පළමු මාත්‍රාව සියයට 90 ක් පමණ ගෙන ඇති අතර දෙවන මාත්‍රාව සියයට 70 කට වඩා වැඩි පිරිසක් ලබාගෙන ඇති බවද ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Mark McGowan පවසයි. එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ මෙය දිරිගන්වන සුළු තත්වයක් වන බවයි.
  • ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 6 සිට 11 දක්වා ළමුන් සඳහා Moderna එන්නත් අද සිට වෙන්කරවා ගැනීමට හැකියාව පවතී.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ආණ්ඩුව දෙබිඩි ප්‍රතිපත්තීන් අනුගමනය කරන බවට ප්‍රාන්ත ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Walt Secord චෝදනා කරයි. ඔහු පවසන්නේ ප්‍රාන්තය තුල තමන් සිටින තත්වයෙම, එන්නෙත් විරෝධී පිරිසද සිටින බවයි.මේ සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට ඇත්තේ එන්නත් නොකළ ලිබරල් පක්ෂ මන්ත්‍රීවරුන් පිළිබඳව තමා නොදන්නා බවයි. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත් කිරීම අනිවාර්ය කිරීමට තමන් අදහස් නොකරන බවත් ඔහු පවසා තිබේ.
  • දකුණු ඔස්ට්‍රේලියාවෙන් ඊයේ නව ආසාදන 1,958ක් සමඟ COVID-19 අසදිතයින්ගේ තියුණු වැඩිවීමක් දක්නට ලැබේ. එම තත්වය ඊට පෙර දින හමුවූ ආසාදිතයින් 1,378 දෙනා සමග සැසඳීමේදී සැලකියයුතු ඉහල යාමකි.
  • අද දිනයට නිවේදනය කිරීමට නියමිතව තිබු දකුණු ඕස්ට්‍රේලියාවේ කොවිඩ් සීමා තවදුරටත් ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන නිවේදනය දකුණු ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Stephen Marshall කල් දමනු ඇති බව විශ්වාස කෙරේ.
  • එංගලන්තයේ සියලුම COVID-19 සීමා කිරීම් අද සිට ඉවත් කෙරේ.මෙම වෛරසය පහව නොයන බැවින් කොවිඩ්ට වෛරසයට එරෙහිව ජය ප්‍රකාශ කිරීමට තවම කාලය වැඩි බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Boris Johnson පවසයි.
  • අයිස්ලන්තය හෙට (25) සිට දේශසීමා සීමාවන් ඇතුළුව සියලුම COVID-19 සීමාවන් ඉවත් කරනු ඇත.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 8,271 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 12 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 1,211 ක් රෝහල්ගත කර ඇති අතර 59 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 6,715 ක් සමග කොවිඩ් මරණ 16 ක් වාර්තා විය. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 322 ක් රෝහල්ගත කර ඇති අතර 43 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.

ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 6,094 ක් සමග කොවිඩ් මරණ 08 ක් වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 334 ක් රෝහල්ගත කර ඇති අතර 30 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.

ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 853 ක් වාර්තා වේ. එමෙන්ම ටස්මේනියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 12 ක් රෝහල්ගත කර ඇති අතර දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.

ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 661 ක් වාර්තා වේ. එමෙන්ම ACT හි මේ වන විට කොවිඩ් රෝගීන් 41ක් රෝහල්ගත කර ඇති අතර තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.

ගතවූ පැය 24 තුළ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 617 ක් වාර්තා වේ.


 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න. 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria   Western Australia  

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria    

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now