Highlights
- NSW ප්‍රාන්තයේ COVID-19 ආධාරක ගෙවීම් පුළුල් කරයි.
- වික්ටෝරියා ප්‍රාන්තය මානසික සෞඛ්‍ය සඳහා අතිරේක අරමුදල් නිවේදනය කරයි
- ACT හි lockdown කිරීම ඔක්තෝබර් 15 තෙක් දීර්ග කරයි.
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් එක් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,127 ක් හමුවී තිබේ.
ඊට අමතරව කොවිඩ් මරණ 2 ක්ද වාර්තා වේ.
මේ අතර Yass Valley නගර සභා කලාපයෙන් ඊයේ කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග සැප්තැම්බර් 9 හෝ ඊට පසුව එම ප්‍රදේශයේ වාසය කළ හෝ එම ප්‍රදේශයට ගිය සෑම පුද්ගලයෙකුම නිවසේ සිටිය යුතු බවට නිවේදනය කර තිබේ.
තවද Murrumbidgee ප්‍රාදේශීය සෞඛ්‍ය දිස්ත්‍රික්කයේ අප ජලයේ තිබී කොවිඩ් වයිරසයේ කොටස් හමුවී ඇති බැවින් එම ප්‍රදේශයේ ජනතාවට කොවිඩ් පරීක්ෂණ සිදුකරගන්නා ලෙස NSW Health ඉල්ලා සිටියි.
එමෙන්ම සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ කණ්ඩායම් සඳහා මෙන්ම කම්කරුවන් සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා Covid-19 ආධාර ගෙවීම් පුළුල් කර තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.
වික්ටෝරියා ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 445 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ දෙකක් වාර්තා වේ.
මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සක්‍රිය කොවිඩ් ආසාදිතයින් 3,799 ක් සිටින අතර එයින් 85% ක්ම වයස අවුරුදු 50 ට අඩු අය බව සඳහන්.
මේ අතර වික්ටෝරියා ප්‍රාදේශීය කලාපවල සහ මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ ප්‍රජා මානසික සෞඛ්‍ය සේවා පිහිටුවීම සඳහා ඩොලර් මිලියන 22.1 ක මුල්‍ය ප්‍රතිපාදන වික්ටෝරියා ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රාන්ත අගමැති James Merlino ප්‍රකාශයට පත් කළේය.
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
Australian Capital Territory
ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 22 ක් වාර්තා වෙයි.
මේ වන විට ACT හි පවතින lockdown කාලය තවත් සති හතරකින් දීර්ග කර තිබේ.
එමෙන්ම සැප්තැම්බර් 17 සිට සුළු පරිමාන ව්‍යාපාර ස්ථාන සඳහා එක් වේලාවකදී උපරිම පුද්ගලයින් 5 දෙනෙකුට හෝ වර්ග මීටර් හතරකට එක් පුද්ගලයෙකු සිටින සේ සේවා සැපයිය හැකි අවසරය හිමිවේ.
කොවිඩ් සමග ACT හි ඉදිරි ගමන් මග පිළිබඳ මෙතනින් දැනගන්න.
ACT හි කොව්ඩ් එන්නත ලබාගත හැක්කේ කාටද යන්න පිළිබඳ මෙතනින් දැනගන්න.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
ලබන සතියේ සිට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින්ට Pfizer එන්නත ලබාගැනීමට හැකියාව ලැබේ.
- නිව් සවුත් වේල්ස් ගමනාගමන හා ප්‍රවාහන සහ නිරෝධායන කටයුතු
- වික්ටෝරියා අවසර පත්‍ර , විදෙස් සංචාරකයින් සහ නිරෝධායන කටයුතු
- ACT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- NT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ක්වීන්ස්ලන්තය ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- දකුණු ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ටස්මේනියා ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- බටහිර ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.
වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය

