COVID 19 update 31 August: ACT හි lockdown කාලය තවත් දීර්ග කරයි

2021 අගෝස්තු 31 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

The ACT reported 13 new local COVID-19 cases on Tuesday, including at least eight that were infectious in the community.

The ACT reported 13 new local COVID-19 cases on Tuesday, including at least eight that were infectious in the community. Source: AAP Image/Lukas Coch

Highlights

  • NSW ප්‍රාන්ත වැසියන්ගෙන් 67% ක් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබයි.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් ආ ගිය ස්ථාන ලැයිස්තුව 1,000 ඉක්මවයි.
  • ACT හි lockdown කිරීම සැප්තැම්බර් 17 තෙක් දීර්ග කරයි.
  • Northern Territory සහ ක්වීල්ස්නත සංචාරකයින්ට දකුණු ඔස්ට්‍රේලියාව සිය ප්‍රාන්ත සීමා නීති ලිහිල් කරයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,164 ක් හමුවී තිබේ.

ඒ අතරින් ආසාදිතයින් 796 ක් බටහිර හා නිරිතදිග සිඩ්නි වලින් බව සඳහන්.

තවද කොවිඩ් මරණ තුනක්ද සිදුවී ඇත.

කොවිඩ් පරීක්ෂණ සිදුකරගන්නා ලෙස Guildford, Merrylands, Auburn, Greenacre, Bankstown සහ Blacktown ප්‍රදේශවාසීන්ගෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය Kerry Chant ඉල්ලා සිටියි.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Pfizer එන්නත් ප්‍රමාණවත් තරම් නොමැති බැවින් වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින්ට AstraZeneca එන්නත ලබාගන්නා ලෙස ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard උපදෙස් දෙයි.

ඊයේ දිනයේදී මිය ගිය Dubbo ප්‍රදේශයේ ස්වදේශික ඔස්ට්‍රේලියානුවා, ඔස්ට්‍රේලියාවේ කොවිඩ් වයිරසය නිසා මියගිය ප්‍රථම ස්වදේශික ඔස්ට්‍රේලියානුවා ලෙස  වාර්තා වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 76 ක් හමුවී තිබේ.

ඔවුන්ගෙන් 31 කට වඩා වැඩි පිරිසක් දැනට හඳුනාගෙන ඇති කොවිඩ් පොකුරුවලට සම්බන්ධ නොවන බවද වාර්තා වේ.

මේ අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ දැනට පනවා ඇති කොවිඩ් නීති ලිහිල් කිරීම පිළිබඳ ප්‍රාන්ත අගමැති Daniel Andrews හෙට නිවේදනය කරනු ඇත.

ඔබට ලබාගත හැකි කොවිඩ් එන්නත නිවැරදි එන්නත බව පවසමින් වික්ටෝරියා ප්‍රාන්තයේ AstraZeneca එන්නත් විශාල ප්‍රමාණයක් තවමත් ලබාගැනීමට හැකියාව පවතින බවද ප්‍රාන්ත අගමැති Andrews පැවසීය.

මෙල්බර්න් නුවර මහල් නිවාස සංකීර්ණ කිහිපයක්ද ඇතුළුව වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් ආ ගිය ස්ථාන ලැයිස්තුව මේ වන විට 1,000 ඉක්මවා තිබේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Australian Capital Territory

ACT හි නව ආසාදිතයින් 13 ක් වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් අවම වශයෙන් ආසාදිතයින් 8 ක් වයිරසය වැළදී තිබියදී ප්‍රජාව තුළ සිටි බව සඳහන්.

මේ අතර කැන්බරා නුවර මහා පරිමාණයේ කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානයක් සැප්තැම්බර් 3 වනදා සිකුරාදා Australian Institute of Sport Arena හි දී විවෘත කෙරේ.

තවද බ්‍රහස්පතින්දා පස්වරු 5 සිට නව කොවිඩ් නීති සමග ACT හි දැනට පනවා ඇති lockdown තත්ත්වය සැප්තැම්බර් 17 තෙක් දීර්ග කර ඇත.

ACT හි කොව්ඩ් එන්නත ලබාගත හැක්කේ කාටද යන්න පිළිබඳ මෙතනින් දැනගන්න.


පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු:

  • ගිනිකොනදිග ක්වීන්ස්ලන්තයේ සහ Northern Territory හි Katherine කලාපයේ වැසියන්ට දකුණු ඔස්ට්‍රේලියාව විසින් පනවා තිබූ සියලුම ප්‍රාන්ත සීමා කොවිඩ් නීති ඉවත් කර තිබේ.
alc covid mental health
Source: ALC

නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service