Latest

COVID 19 update 08 August: නව යොවුන් වියේ පසුවන අයට කොවිඩ් එන්නත් වල අතුරු ආබාධ එතරම් නොවන බව හෙළිවෙයි

2022 අගෝස්තු 08 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

COVId-19 VACCINE ROLL-OUT

Una teenager riceve il vaccino contro il COVID-19 a Canberra. (file) Source: AAP / MICK TSIKAS/AAPIMAGE

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 14 ක් වාර්තා වී ඇති අතර දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 07 ක්ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 04 ක්ද ඊට ඇතුළත් වේ.

බොහෝ ප්‍රාන්ත සහ ටෙරිටරි නව ආසාදනවල හා රෝහල්ගතවීම්වල අඩුවීමක් දිගටම වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
Australian Capital Territory (ACT) COVID-19 හි මහජන තර්ජන අවම කිරීම සඳහා මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කළේය.

නව රෝගීන් දැන් දිනකට සාමාන්‍ය වශයෙන් 1000 ට වඩා අඩු බව ACT සෞඛ්‍ය අමාත්‍ය Stephen-Smith පැවසීය.

කෙසේ වෙතත්, ප්‍රජා සම්ප්‍රේෂණ මට්ටම තවමත් ප්‍රාන්ත වැසියන්ට විශේෂයෙන් සෞඛ්‍ය ආබාධයක් ඇති අයට අවදානමක් ඇති කරයි.
ඔස්ට්‍රේලියාවේ residential aged care මධ්‍යස්ථානවල සක්‍රීය කොවිඩ් පැතිරීම් 952 ක් පෙන්නුම් කරන බව නවතම දත්ත වාර්තා කරයි.

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තවල පිළිවෙලින් 310, 207 සහ 201 ලෙස aged care මධ්‍යස්ථානවල සක්‍රීය කොවිඩ් පැතිරීම් වාර්තා විය.

අගෝස්තු 08 වනදා ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය සඟරාවේ ප්‍රධාන අධ්‍යයන දෙකක් ප්‍රකාශයට පත් කරන ලදී.

පළමු අධ්‍යයනයේ දී, ඩෙල්ටා ප්‍රභේදයෙන් ආසාදනය වූ බොහෝ දරුවන් රෝග ලක්ෂණ නොමැති හෝ මෘදු රෝග ඇති බව නිගමනය කිරීමට පර්යේෂකයෝ අවුරුදු 16 ට අඩු NSW ළමුන් 17,000 කට අධික සංඛ්‍යාවකගේ දත්ත භාවිතා කළහ.

රෝහල්ගත වීම සාපේක්ෂව කලාතුරකින් සිදු විය. සෞඛ්‍ය හේතූන්වලට වඩා වඩා සමාජීය හේතුන් මත ළමුන් වැඩි ප්‍රමාණයක් රෝහල් ගත කර ඇති බව ඔවුන් පැවසුවේය.

"සෞඛ්‍ය හේතූන් මත ඇතුළත් වීමේ සම්භාවිතාව ළදරු වියේ සිට අවුරුදු 5-11  දක්වා අඩු වූ නමුත් වයස අවුරුදු 12-15 සඳහා එය නැවත වැඩි වුණා. ලිංගිකත්වය සහ ස්වදේශික ඔස්ට්‍රේලියානු තත්ත්වය රෝහල්වලට ඇතුළත් වීමේ සම්භාවිතාවට බලපෑවේ නැහැ." ඔවුන් පැවසීය.

COVID-19 mRNA එන්නත් වල කෙටි කාලීන අතුරු ආබාධ හෝ myocarditis නව යොවුන් වියේ (අවුරුදු 12-18) වයිරසයෙන් ඇති වන සංකූලතා වලට වඩා මෘදු බව දෙවන අධ්‍යයනයෙන් පෙන්නුම් කළේය.

NSW සහ වික්ටෝරියා ප්‍රාන්ත monkeypox (MPX) එන්නත් නිකුත් කිරීම ආරම්භ කර ඇත.

Melbourne Sexual Health Centre, Thorne Harbour Health, Northside Clinic, Collins Street Medical Center සහ Prahran Market Clinic වෙතින් සුදුසුකම් ලත් වික්ටෝරියානුවන්ට ඔවුන්ගේ monkeypox එන්නත ලබා ගත හැක.

ඔස්ට්‍රේලියාවේ දැනට MPX ආසාදිතයින් 60ක් ඇති අතර ඉන් 33ක් NSW ප්‍රාන්තයේ සහ 22ක් වික්ටෝරියා ප්‍රාන්තයේ සිටී.

අගෝස්තු 9 වෙනිදා සිට, ටස්මේනියා ප්‍රාන්ත රජයේ රසායනාගාරවල PCR පරීක්ෂණ කරන අතර ඉන්ෆ්ලුවෙන්සා A, ඉන්ෆ්ලුවෙන්සා B සහ Respiratory Syncytial Virus (RSV) සඳහාද පරීක්ෂා කරනු ලැබේ.


Share

Published

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service