COVID 19 update 01 November: ඔස්ට්‍රේලියාවේ දේශ සීමා විවෘත වන අතරේ NSW වැසියන්ට බූස්ටර් එන්නත දීම ඇරඹේ

2021 නොවැම්බර් 01 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Travellers arriving on the first quarantine free international flights are embraced by family at Sydney International Airport, Monday, November 1, 2021.

Travellers arriving on the first quarantine free international flights are embraced by family at Sydney International Airport, Monday,November 1, 2021. Source: AAP Image/Bianca De March

සංචාරය කිරීම්

  • නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, සහ කැන්බරා හි වාසය කරන පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ඔස්ට්‍රේලියානුවන්ට සහ ස්ථිර පදිංචිලාභීන්ට මධ්‍යම රජයේ අවසරයකින් තොරව අද සිට ජාත්‍යන්තර සංචාර සිදුකළ හැකිය.
  • Travel Exemption Portal හරහා අයදුම් කිරීමෙන් ඔස්ට්‍රේලියානුවන්ගේ සහ ස්ථිර පදිංචිලාභීන්ගේ දෙමාපියන්ට ද අද සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබේ.
  • පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද වැසියන්ට අද සිට Greater Sydne සහ ප්‍රාදේශීය NSW කලාප අතර නිවාඩුවට සහ විනෝදාස්වාදය සඳහා සංචාරය කළ හැකිය.
  • NSW ප්‍රාන්ත සීමා කලාපයේ පදිංචිකරුවන් සඳහා NSW ප්‍රාන්තයට ඇතුළුවීමේ අවසර පත්‍ර තවදුරටත් අවශ්‍ය නොවේ.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ  පූර්ණ කොවිඩ් එන්නත්කරණය නොලද වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයින්ට නිවාඩුවක් ගත කිරීමට හෝ විනෝදාස්වාදය සඳහා NSW ප්‍රාන්තය වෙත යාමට අද සිට නොහැකි වනු ඇත.
  • පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද කැන්බරා වැසියන්ට දැන් වික්ටෝරියා සහ NSW ප්‍රාන්තවල සංචාරය කළ හැකිය.

කොවිඩ් එන්නත් ලබා දීම

  • මාස හයකට පෙර තමන්ගේ දෙවන කොවිඩ් එන්නත ලබා ගත් NSW ප්‍රාන්තයේ වැඩිහිටියන්ට දැන් ඔසුසැල්වලින්, පවුලේ වෛද්‍යවරයාගෙන් සහ මහා පරිමාණ කොවිඩ් එන්නත්කරන මධ්‍යස්ථානවලින් තමන්ගේ තුන්වන කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා ගත හැකිය.

COVID-19 සංඛ්‍යා දත්ත

  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,471 ක් සමග කොවිඩ් මරණ 4 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 135 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 4 ක්ද වාර්තා වේ.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

3 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now