Highlights
- කොවිඩ් වසංගතයට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ප්‍රතිචාරය පිළිබඳ Aged Care අමාත්‍ය Richard Colbeck සෙනෙට් COVID-19 විමර්ශන කමිටුවට මුහුණ දීමට නියමිතය. Aged Care සේවකයින්ට ඇතිවී ඇති RAT සහ PPE හිඟය මෙන්ම ප්‍රමාද වූ බූස්ටර් එන්නත් වැඩසටහන පිළිබඳව ඔහුගෙන් එහිදී ප්‍රශ්න කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
- වර්තමාන COVID-19 පැතිරී යාමේදී Aged Care මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් 566 ක් පමණ මිය ගොස් ඇත.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Aged Care මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් අතර දැනට කොවිඩ් වයිරස රෝගීන් 11,000 ක් පමණ සිටින අතර, ඔවුන්ගේ පුද්ගලයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණක් මේ වන විට බූස්ටර් එන්නත ලැබී තිබේ.
- කොවිඩ් අර්බුදයට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් අගමැති ස්කොට් මොරිසන් විවේචනයට ලක්වීමත් සමඟ මේ තත්ත්වය උද්ගත වී තිබේ. කොවිඩ් මර්දන වැඩපිළිවෙලේදී රජයෙන් වැරදි සිදු වූ බව ඔහු පිළිගත් නමුත් සමාව ඉල්ලීමකින් එය නතර විය.
- වැරදි ප්‍රතිඵල ගෙනදෙන නිසා rapid antigen පරීක්ෂණයක් කිරීමේදී ඛේටය එකතු කිරීමට පෙර විනාඩි 10-30 අතර කාලයක් ආහාර ගැනීම, පානය කිරීම, දුම් පානය කිරීම, දත් මදින්න හෝ චුවින්ගම් චුවිංගම් නොකළ යුතු බවට
- ඉක්මන් ප්‍රතිදේහජනක පරීක්‍ෂණයක් සඳහා කෙළ එකතු කිරීමට පෙර විනාඩි 10-30 අතර කාලයක් ආහාර ගැනීම, පානය කිරීම, දුම් පානය කිරීම, දත් මදින්න හෝ chew gum සැපීම නොකළ යුතු බවට ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
- Omicron පැතිරීම නිසා දකුණු ඕස්ට්‍රේලියාවේ සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල මෙතෙක් තාවකාලිකව නවතා දමා තිබූ elective සැත්කම් නැවත ලබන සතියේ සිට යළි ඇරඹේ.
- වික්ටෝරියා ප්‍රාන්තයේ හදිසි නොවන elective සැත්කම් ලබන සතියේ ඉක්මනින් නැවත ආරම්භ කළ හැකි නමුත් හෙදියන් ඒවා නැවත ආරම්භ කිරීමට එරෙහිව පෙළ ගැසෙමින් සිටිති.
- කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමෙන් පසු සුනාමි බලපෑමට ලක් වූ Tonga රාජ්‍යය දින දෙකකට lockdown කරයි. එහි අවසන් වරට කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වුයේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය. අදාළ ආසාදිතයින් දෙදෙනා ඔස්ට්‍රේලියාවේ මානුෂීය ආධාර බෙදීමේ මෙහෙයුම හා සම්බන්ධ නොවන බව සඳහන්.
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව
- ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 11,807 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 27 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 2,622 ක් රෝහල්ගත කර ඇති අතර 170 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
- ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 14,553 ක් සමග කොවිඩ් මරණ 25 ක් වාර්තා වේ. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 768 ක් රෝහල්ගත කර ඇති අතර 99 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
- ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 9,630 ක් සමග කොවිඩ් මරණ 16 ක් වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 763 ක් රෝහල්ගත කර ඇති අතර 49 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
- ගතවූ පැය 24 තුළ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,723 ක් සමග එක් කොවිඩ් මරණයක් වාර්තා වේ. එමෙන්ම දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 233 ක් රෝහල්ගත කර ඇති අතර 21 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
- ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 666 ක් වාර්තා වන අතර 13 දෙනෙකු රෝහල්ගත කර ඇත. පුද්ගලයින් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.
ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත්
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
සංචාරය කිරීම සම්බන්ධයෙන්
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු
Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න

