COVID 19 update 11 Jan:දිනපතා රෝහල්ගත කෙරෙන පිරිස ඉහල යද්දී NSW සහ වික්ටෝරියා ප්‍රාන්ත වලින් කෝවිඩ් මරණ 24ක්

2022 ජනවාරි 11 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Paramedics are seen tending to their ambulance outside St. Vincent hospital in Melbourne, Tuesday, January 11, 2022.

Paramedics are seen tending to their ambulance outside St. Vincent hospital in Melbourne, Tuesday, January 11, 2022. Source: AAP

  • වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කෝවිඩ් ආසාදිතයින් 37,994 ක් වාර්තා වන අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නව කෝවිඩ් ආසාදිතයින් 25,870ක් වාර්තා වේ.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් ගත කොට ඇති කෝවිඩ් ආසාදිතයින් සංක්‍යාව 861ක් වන අතර එය ඊයේ දිනයට වඩා ආසාදිතයින් 43 දෙනෙකුගෙන් ඉහල යාමකි. එමෙන්ම මේ වනවිට 117 දෙනෙකු දැඩි සත්කාරක ඒකකයේ පසුවන අතර 27 දෙනෙකු ශ්වසන ආධාරක මත සිටින බවද සඳහන්.
  • ඊයේ (10) දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ පරීක්ෂණ සායන 56කදී rapid antigen පරීක්ෂණ 34,000ක් පමණ සිදු කල බව වික්ටෝරියානු අග්‍රාමාත්‍ය Daniel Andrews පවසයි.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් හෝ කොවිඩ් සමීප ආශ්‍රිතයින් වීම හේතුවෙන් රෝහල් සේවකයින් 3,992 කු සහ ගිලන්රථ කාර්ය මණ්ඩල සාමාජිකයින් 422 දෙනෙකු පමණ සේවයේ නොසිටින බව ද ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Daniel Andrews පවසයි.
  • පාසල් වේලාවෙන් පසුව, පාසල් වෙත ගොස් එන්නත් ලබාදීම සඳහා පවුල් වෛද්‍යවරුන් සහ ප්‍රජා ඔසුසැල් වෙත ඩොලර් මිලියන 4ක වැඩසටහනක් වික්ටෝරියානු අග්‍රාමාත්‍ය අග්‍රාමාත්‍ය Daniel Andrews ප්‍රකාශයට පත්කොට තිබේ.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝහල් ගත කොට ඇති කෝවිඩ් ආසාදිතයින් සංක්‍යාව 2,186ක් වන අතර මේ වනවිට 170 දෙනෙකු දැඩි සත්කාරක ඒකකයේ පසුවේ.
  • සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවේ පවතින ඉහළ මට්ටමේ T-සෛල මගින් කොවිඩ් වෛරසයට එරෙහිව ආරක්ෂාව සැපයිය හැකි බව ලන්ඩනයේ Imperial College සිදු කල අධ්‍යයනයකින් හෙළිව තිබේ.
  • මේ වනවිට පවතින වසංගත තත්වය හමුවේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන සේවකයින් හට රාජකාරි රැසක් සමග කටයුතු කිරීමට සිදුව ඇති බවට සේවකයින් 1000ක් යොදා සෞඛ්‍ය සේවා සංගමය සිදු කල සමීක්ෂණයකින් හෙළිව තිබේ.
  • නිල නොවන lockdown කිරීම් හේතුවෙන් සේවකයින් හට හානි වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් වන ඉල්ලීම් ලැයිස්තුවක් අගමැති Scott Morrison වෙත යොමු කිරීමට ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ ලේකම් Sally McManus පියවර ගෙන තිබේ.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන් සිදු කරන rapid antigen පරීක්ෂණ ප්‍රතිපල ධනාත්මක වුවහොත් ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස සහ එමගින් බලධාරීන් හට පැහැදිලි දත්ත ලැබෙන බව ප්‍රාන්ත රජය පවසයි.
  • සිඩ්නිහි Villawood සරණාගත රැඳවුම් මධ්‍යස්ථානයේ කොවිඩ් පොකුරක් හටගැනීම සම්බන්ධයෙන් බියක් මතුව ඇති අතර ඔවුන් මෙතරම් අවධානමක් සහිත පරිසරයක සිටීම සම්බන්ධයෙන් සරණාගත උපදේශකයින් ප්‍රශ්න කොට සිටි.

ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත්

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 25,870 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 11 ක් වාර්තා වේ. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තවමත් rapid antigen test (RAT) ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් පසුවේ.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 37,994 ක් සමග කොවිඩ් මරණ 13 ක් වාර්තා වේ. ඔවුන්ගෙන් 18,503 දෙනෙකු rapid antigen පරීක්ෂණ හරහා වාර්තා වී තිබේ.
  • ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 20,566 ක් වාර්තා වන අතර බලධාරීන් PCR පරීක්ෂණ සහ නිවැසියන් විසින් ඉදිරිපත් කරන ලද ධනාත්මක rapid antigen පරීක්ෂණ (RAT) ප්‍රතිඵල ගණන් කරමින් සිටී.
  • ගතවූ පැය 24 තුළ ටස්මෙනියාවෙන් ආසාදිතයින් 1,379 ක් වාර්තා වේ.

 


නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


 

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:

NSW 

Victoria 

Queensland 

South Australia 

ACT 

Western Australia 

Tasmania

Northern Territory 


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

4 min read

Published

Updated

By Nipuna Dodangoda




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now