COVID 19 update 18 August: NSW ප්‍රාන්තයේ ආසාදිතයින් සංඛ්‍යාව 600 ට එහා යයි

2021 අගෝස්තු 18 වනදා ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

NSW Premier Gladys Berejiklian wears a face mask during a press conference to provide a COVID-19 update, in Sydney, Wednesday, August 18, 2021.

NSW PremierBerejiklian during a press conference August 18. NSW recorded 633 new locally acquired cases of COVID-19 (AAP Image/Bianca De Marchi) Source: AAP Image/Bianca De March

Highlights

  • බටහිර හා නිරිතදිග සිඩ්නි උප නගර කෙරෙහි වැඩි අවධානයක්.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ ආසාදිතයින් ආ ගිය ස්ථාන 500 කට වැඩි වෙයි.
  • ACT හි නව ආසාදිතයින් 22 ක්.
  • ක්වීන්ස්ලන්තයේ සහ Northern Territory වලින් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 633 ක් හමුවී තිබේ.

ඒ අතරින් අවම වශයෙන් ආසාදිතයින් 62 ක් පමණ වයිරසය ශරීරගතව තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ.

ඊට අමතරව කොරෝනා මරණ 3 ක්ද වාර්තා වේ.

Merrylands, Guilford, Auburn, Greenacre සහ St Marys යන උප නගර වලින් ඉහළ ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇති බවත් එම නගර පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇති බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

ප්‍රාන්ත රජය වැඩි අවධානයක් යොමු කර ඇති නගර සභා කලාප 12 තුළ පදිංචි වයස අවුරුදු 12 ත් 39 ත් අතර පසුවන පුද්ගලයින් සඳහා අගෝස්තු 19 සිට Pfizer එන්නත ලබාගැනීමට ප්‍රමුඛතාව ලබා දී ඇත.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 24 ක් හමුවී තිබේ.

ඒ සියලු ආසාදිතයින්ගෙන් සිව් දෙනෙකු දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරු වලට සම්බන්ධ නොවන බව හෙළිවී ඇත.

එමෙන්ම අදාළ ආසාදිතයින් 24 දෙනාගෙන් 6 දෙනෙකු වයිරසය ශරීරගත වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවද වාර්තා වේ.

මේ වන විට ප්‍රාන්තය තුළ පළමු පෙළ ආශ්‍රිතයින් 15,000 ක් පමණ සිටින අතර ආසාදිතයින් ආ ගිය ස්ථාන 520 කට අධිකව ඇති බව ප්‍රාන්තයේ කොවිඩ් පරීක්ෂණ ප්‍රධානී Jeroen Weimar පැවසීය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් පරීක්ෂාවන් සිදුකරගත හැකි ස්ථාන මෙතනින්.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.


ACT, NT සහ ක්වීන්ස්ලන්තයේ නවතම තොරතුරු

  • ACT හි නව ආසාදිතයින් 22 ක් වාර්තා වේ. ඒ අනුව එහි සක්‍රිය ආසාදිතයින් ගණන 67 දක්වා ඉහළ ගොස් තිබේ.
  • අගෝස්තු 20 දා සිකුරාදා පස්වරු 4 න් පසුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගිනිකොනදිග කලාපයට, Cairns සහ Yarrabah නගර සභා කලාප වලට පනවා ඇති කොරෝනා නීති ඉවත් කෙරේ.
  • අගෝස්තු 19 මධ්‍යහනයෙන් පසුව Greater Darwin සහ Katherine කලාප වලට පනවා ඇති Lockdown කිරීම අවසන් කිරීමට නියමිතය.
alc covid mental health
Source: ALC

නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න

 


Share

3 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now