COVID 19 update 09 June: අවදානම් ඇති යොවුන් පිරිස් සඳහා ඔස්ට්‍රේලියාව බූස්ටර් එන්නත නිර්දේශ කරයි

2022 ජුනි 09 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

12-15 year olds at risk of severe COVID-19 will be able to get booster

12-15 year olds at risk of severe COVID-19 will be able to get booster Source: Getty Images/Mikimad

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 59 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 22 ක්ද  නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 21 ක්ද සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 09 ක්ද ඊට ඇතුලත්වේ.

එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පසුගිය මාසයේ මැද බාගයේදී සිදුවූ මරණ 15 ක්ද බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 05 ක්ද වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

මාස තුනකට පෙර දෙවන කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා ගත් අයට සහ දරුණු ලෙස ප්‍රතිශක්තිකරණය හීන වූ, ආබාධිත හෝ සංකීර්ණ සෞඛ්‍ය තත්ත්වයන් ඇති වයස අවුරුදු 12-15 අතර අයට ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) විසින් Pfizer COVID-19 එන්නත බූස්ටර් එන්නතක් ලෙස ​​නිර්දේශ කරන ලදී. Moderna සහ Novavax මෙම වයස් කාණ්ඩය සඳහා බූස්ටර් මාත්‍රාවක් ලෙස ලියාපදිංචි කර නොමැත.

 වයස අවුරුදු 12-15 අතර සියලුම දෙනාට සති අටක පරතරයකින් COVID-19 එන්නත් මාත්‍රා දෙකක් ලබා ගැනීමට ඔවුහු  නිර්දේශ කරති.

තහවුරු වූ COVID-19 ආසාදනයක් ඇතිවී එය සුව වූ පසු COVID-19 එන්නත් මාත්‍රාවක් ලබාගැනීම සඳහා කාල පරතරය මාස තුනක් ලෙසටද නිර්දේශ කෙරිණි.

සියලුම ඔස්ට්‍රේලියානුවන්ට flu එන්නත් ලබා ගැනීමටද  ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම නිර්දේශ කරයි.

සියලුම COVID-19 එන්නත් flu එන්නතක් සමඟ එකම දිනක ලබා ගත හැකිය.

COVID-19 එන්නත් දකුණු ඔස්ට්‍රේලියාව පුරා ප්‍රාථමික පාසල් හයකින් මෙම සෙනසුරාදා (ජුනි 11) පෙ.ව. 10 සිට සවස 4:30 දක්වා ලබා ගත හැක.

Monkeypox රෝගයට ආවේණික නොවන රටවල් 29 කින් monkeypox රෝගීන් 1,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එම රටවල මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom Ghebreyesus පැවසුවේය.

මෙම වසංගතය පාලනය කිරීමට සහ එය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා සියලුම ආසාදිතයින් සහ ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් හඳුනා ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය monkeypox රෝගයෙන් බලපෑමට ලක් වූ රටවලින් ඉල්ලා සිටී.


2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now